Browsing Category

වලාකුළ අග

පිරිමැස්ම…

කන්තෝරු ඇරිල යන ගමන් ඒ කිට්ටුව සුපර් මාකට් එකෙන් මාසෙ අඩුමකුඩුම ටික ගත්තු කල්‍යාණි ඒකත් උස්සගෙන පාර අයිනට ගියෙ නන්ද එනකං. ගත්තෙ හැමදාම ගන්න බඩුමුට්ටු ටික වුණත්, ඒකට ගිය වියදම දෙගුණෙකට කිට්ටුයි. පාර අයිනට වෙලා හිටි කල්‍යාණි හිටියෙ වටපිට බල…

පිපිරිලි…

ක්‍රිෂ්ණ උඩ විසිවෙලා ඇහැරුණේ මොබයිලෙ රින් වෙන සද්දෙන්. “ආතහෙට්ටියගෙ ගොනා වාගේ කුඹුරට පැනලා කුඹුර ම උළා කෑව ගොන් නාම්බා හේනටත් පැනලා කියහන්කො... හේන ම කාලා. නො පනින තැනක් නෑ පනිනවා,  කනවා... පනිනවා,  කනවා... අං දෙක උස්සන් මනුස්සයන්ට ඇන්නෙ…

පොඩි පොඩි දේවල්

අයවැය ලැයිස්තුව ජනගත කළාට පස්සෙ උන්නැහැ පාරට බැහැල උන්නෙ හුදු ජන මනස  තමන් ඇතු`එ තමන්ගෙ සනුහරේ ගැන දක්වන බය පස්සපාතකම වගේ ම තමන් කළ සූරවීරකම් ගැනත් අදහසක් ගන්න හිතාගෙන. පුංචි ම ප්‍රමාණයේ ගෑස් ටැංකියක් අතේ තියාගෙන කඩයක් කඩයක් ගාණෙ ඇවිදගෙන යන…

අපි කන හැටි ළිපා දනියි

පසුගිය දිනෙක මාධ්‍ය ආයතනයක අයෙක් සහ ආරක්ෂක අංශයකට සම්බන්ධ දෙදෙනෙකු දෙහිවල ප්‍රදේශයේ අවන්හලක එක්ව සිටියා. දෙදෙනා පාසල් ජීවිතයේ සිට ගජමිතුරන් දෙදෙනෙක්. ඉඳහිට විවේකයක් ලද විටෙක දෙහිවල පිහිටි අවන්හලක හමුවී ආගිය තොරතුරු කතා කිරීම දෙදෙනාගේ…

වයඃ කල්‍යාණෙ

“අපි හිච්චි එකාලා කාලෙ සීයල අප්පුච්චල බජට් එක අහපු හැටි මැවිල පේනවා. ගංගොඩේ පිරිමි දහයක්, දොළහක් ගෙදර. උඩහ කඩේ කඩ ලෑල්ල උඩ තව සෙට් එකක්. ට්‍රාන්සිස්ටර් බැටරි කෑලි දාපු සෝනි රේඩියෝ එකෙන් තමයි අහන්නෙ. අද වගේ නින්දක් නිඳාගෙන නැඟිටින කොට බඩුවල…

පිතාමහ

හදිසියෙ කන්තෝරුවට ගොඩවැදුණු සුභාගෙන් පබා ඇහුවෙ “කොහොම ද දැන් පොඩි එකා...‍‍‍‍” කියලයි. ඒ වෙන කොට පොඩි එකාට අවුරුදු දෙකක්. “දැන් කතා කරනවා. හොඳට ඇවිදිනවා. හැබැයි වැඩි සැලකිලි නං තාත්තට ම තමයි. කෙසෙල් ගෙඩියක් දුන්නත්, යෝගට් එකක් දුන්නත් තව…

අ+සාදු ලේඛනේ…

“මෙහෙ එහෙකුත් අසාදු ලේඛනේට ගිහින්ලු‍ නෙ. අසාදුලව ලේඛනගත කරන්නෙ ජාත්‍යන්තරේ ද? ඒගොල්ලො කොහොම ද අසාදු ද කියල තීරණය කරන්නෙ ?” නන්දගෙ හිච්චි එකා ඇහැව්වෙ ලොකු ඉලන්දාරියා වෙච්චි අයියණ්ඩිගෙන්. “සාදුල අසාදුල වෙච්චි එක වෙන කතාවක්. ජන හද අඳුන ගත්තට…

පැටළිලි

ණය ගොඩක පැටලිලා ගෙයක් හදන වැඩේට සෙට් වෙලා හිටි කේසි අමාරුවෙ වැටුණෙ ගේ හදන්න පටන් ගන්න කොට සිමෙන්ති, ටයිල්, යකඩ ආදී දේවල මිල ගණනුයි, අතරමැද්දෙදි වෙච්චි වැඩිවිල්ලයි අතරෙ පරස්පරේ හිතා ගන්න බැරි තරමට වැඩිවෙච්චි හන්දයි. “ගෙවල් හදන එක විතරක් නං…

තෙරුවන් සරණයි !

මහ බැංකුවෙ ඩොලර් සංචිතෙත් සෘණ වෙච්චි එකේ අතේ තුට්ටු දෙක නං මොකද්ද කියල හිතන්න හිතට බල කරන්න ඕන ම ය කියල ඡන්න හිතුවත්, හිත නෙමේ හීලෑ වෙන්නෙ. ලෝන් ටික ගෙවල අතට ආව සොච්චමෙන් පොඩිවුන්ගෙ ටියුෂන් ෆීසුත් ගෙව්වට පස්සෙ අතට ඉතිරි වෙන්න නියමිත …

රිවස්…

ගෙදර ඇතුළට ම වෙලා ඉඳලා ඇති වුණු ආතතිය සමහන් කර ගන්න කියලා හිතපු නන්දයි, කල්‍යාණියි ඇතුළු හිතමිත්‍රාදීන් එකතු වුණේ රාමගෙ ගෙදරට. ඒ අතරෙ රාමා කොම්පියුටරේට වැදිලා හිටියෙ හදිසියෙ යැවිය යුතුම මේල් එකක් දා ගන්න තරමටවත් නෙට් එක වැඩ කරන්නෙ නෑ…