Browsing Category

හෙළිදරව්ව

කොරෝනා හමුවේ තවමත් රට කොරෝනා හැටි

මේ තත්ත්වය සම්බන්ධයෙන් ජාතිය අමතා ප්‍රකාශයක් සිදු කරන බව ජනාධිපතිවරයා පැවසීමත් සමඟ සියලු දෙනා බලාපොරොත්තු වූයේ ඔහු වගකීම්සහගත ප්‍රකාශයක් කරනු ඇති බව ය. එහෙත් එම ප්‍රකාශයේ සඳහන් වූයේ රෝගය රටට ඇතුළු වුණු හා ව්‍යාප්ත වුණු ආකාරයත්,…

වින්දිතයන් බියවද්දා අපරාධකරුවන් රකින හැටි

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය මේ වන විට ආණ්ඩුව විසින් මුළුමනින්ම අක්‍රිය කර තිබේ. ඒ රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස් වීමට ඉඩ සැලැස්වීම හෝ ඉල්ලා අස් වන ලෙස දන්වා…

පිදුරුතලාගලින් අහසට නගින ගුවන් ‍සේවයේ තවත් වංචාවක්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනුවක් හරහා සිදු කරනු ලැබූ මහා පරිමාණ වංචාවක තොරතුරු අනාවරණය වූයේ මීට සති කිහිපයකට ප්‍රථමයෙනි. එහි උණුසුම පහව යන්නටත් පෙර එහිම සිදු කරනු ලැබූ තවත් වංචාවක තොරතුරු හෙළිදරවු වන්නේ රාජපක්ෂ ආණ්ඩුවට දෙවෙනි…

ටෙන්ඩර් කැඳවීමේ ජොන්ස්ටන් පටිපාටිය

ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය ජාවාරම්කාරී ටෙන්ඩර් මගඩිය සඳහා කෙටුම්පත් සකස් කරන්නේ මේ නාමික ඉදිකිරීම් සමාගම උපයෝගී කරගනිමිනි. එහි සැලසුම වන්නේ තමන්ගේ අමාත්‍යාංශයේ ඉදිකිරීම් වක්‍රාකාරයෙන් තමන්ගේ ගෝල බාලයන්ට සහ හිත මිත්‍රාදීන්ට ලබා දෙමින් තම…

මිග් ගනුදෙනුව: උදයංග බේරීමේ පළමු විත්තිකරුගේ මෙහෙයුම !

වසර හයකට පෙර ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2 බැගින් චන්ද්‍රිකා ආණ්ඩුව මිල දී ගැනීමට සූදානම් වූ මිග් 27 ප්‍රහාරක ගුවන් යානා, අවසානයේ දී රාජපක්ෂ ආණ්ඩුව විසින් මිල දී ගෙන ඇත්තේ එකක් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.4 බැගින් ය. එනම් එකකට එකක් වැඩි වීමකි.…

කෝටි 287 රථගායේ චූදිතයන් බේරයි!

පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී නලින්ද ජයතිස්ස විසින් නැගූ පැනයකට ලැබුණු පිළිතුරුත් සමඟ යහපාලන ආණ්ඩුව සමයේ අමාත්‍යවරුන්ට වාහන මිල දී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 28,700කට ආසන්න මුදලක් වැය කර ඇති බව අනාවරණය විය. මෙම මුදල වැය කර ඇත්තේ,…

නාටක මාරයි කාලා හමාරයි! සංදර්ශන පමණයි

හැම දේ ම නැවත නැවත සිදු වන්නේ ය. 2015 ජනවාරි 08 වැනිදා පැමිණි ආණ්ඩුව කිව්වේ කටුනායක ගුවන්තොටුපොළ පවා වසා දමා හොරු අල්ලන බවයි. මේ ආණ්ඩුවේ කට්ටියත් විපක්ෂයේ සිටින විට කිව්වේ, බැඳුම්කර හොරු හිරේ දමන බවයි. මේ කිසිවක් සිදු නොවේ. ජනතාවගේ…

හඬපට මල් වෙඩිල්ලෙන් වැසෙන ඇත්ත ප්‍රශ්න

එසේ ඥාති හිතවතුන්ට පත්වීම් ලබා නොදෙන බවට හත්පොළේ හැපෙමින් කියා සිටිය ද, ‘කියන කොට එහෙමයි - කරන කොට මෙහෙමයි’ යන්න පෙන්වමින් ඥාති හිතවතුන්ට හොඳ හොඳ පුටු වෙන් කර ඇති බවට වන හොඳම උදාහරණ දෙකක් පසුගිය සති දෙක තුළ දකින්නට ලැබිණි. ඉන් එක්…

පිස්තෝලයෙන් හඬපටවලට මාරු වූ ‘රන්ජන් ජවනිකාව’

මෙතැන් සිට දිගහැරෙන්නේ රන්ජන් රාමනායකගේ හඬපට එකින් එක කරළියට පැමිණීමේ ජවනිකාවයි. අත්අඩංගුවට ගත් දින සිට ගත වූ සෑම දිනකම මාධ්‍ය සාකච්ඡාවලදීත්, සිදු කෙරෙන පැමිණිලිවලදීත් මාධ්‍ය සාකච්ඡාවලට ප්‍රකට භික්ෂුන් තුන් දෙනෙක් මෙවැනි හඬපට මාධ්‍ය වෙත…

ගිය ආණ්ඩුවෙන් මේ ආණ්ඩුව අතට ගත් සිංගප්පූරු ඩීල්

ගෝඨාභය රාජපක්ෂ බලයට එන්නට පෙර ඔහු නියෝජනය කළ පක්ෂයත්, ඒ වෙනුවෙන් පෙනී සිටි අනෙකුත් දේශපාලන පක්ෂත්, ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ‘දේශමාමක’ ප්‍රජාවත් දිගින් දිගටම කියා පෙනී සිටි සටන් පාඨවලින් රටේ ජාතික සම්පත් විදෙස් රටවලට විකිණීමට එරෙහි වීම…