Browsing Category

සාහිත්‍ය – කලා

හෙමිංවේ ගැන හෙමින් කියවන්න

මේ කවුද ? මම දවසක් සාහිත්‍ය ගැන සංවාද කරන මගේ හිතවතියකට මේ පින්තූරේ පෙන්නලා ඇහුව. ටොම් කෘස් වගේ.... ඈ කිව්වා. හැබෑටම ඔව්. ටිකක් ඒ වගේත් තමයි. මටත් මේ රූපය ඒ වගේ පේන්න ගත්තා. හැබැයි මේ ඉන්නේ ටොම් කෘස් නම් නෙමෙයි. ටොම්ට කලියෙන් ලෝකේ මිනිස්සු…

“කල්කටාව ” සිය එල්ඩරාඩෝව කරගත්,බෙංගාලි සිනමාවේ මාක්ස්වාදියා

විසිවන සියවසේ ශ්‍රේෂ්ඨතම සිනමාකරුවෙකු ලෙස සැලකෙන,"ම්රිනාල් සෙන්" Mrinal Sen නව සිනමා සම්ප්‍රධායක් බෙංගාලයේ ද ,අවසානයේ ඉන්දියාවේ ද ,සිය නැවුම්, අඳුරු හා ප්‍රකෝපකාරී චිත්‍රපට සමඟ ආරම්භ කළේය. "සෙන්" ඔහුගේ චිත්‍රපට සඳහා ජාතික හා ජාත්‍යන්තර…

විවාහයට ඇත්ත හේතුව කළුවරට බයවීමද? කසුන් සමරතුංගගේ කෙටිකතා

දැන් දැන් කෙටිකතා ලියන තරුණ අය තමන්ගෙ ජීවිතවල සහ පරම්පරාවේ පැවැත්ම පිළිබඳ ක්ෂුද්‍ර ගැටලු හරිම ආකර්ෂණීය විධියට අල්ලන අවස්ථා තියෙනවා. විශේෂයෙන් ක්ෂුද්‍ර ප්‍රබන්ධමය ලක්ෂණ සහිත කෙටිම කෙටිකතාවලදි මේ දක්ෂකම නිතර දකින්න පුළුවන්. තමන්ගෙ පරම්පරාවෙ…

රැවටෙනු එපා හොරුනට රට උලා කන

ස්ටාලින් මාක්ස් වී අයි ලෙනින් ගැන නෝනා කියනවා ඇහුණා වචන ගැන අම්මපා හරිම ආඩම්බර ඔහේ ගැන නෝනේ කියා දෙනවද අරගලය ගැන මුට්ටි කර තියාගෙන ගඟවල් ගානේ පැණි වෙද්දුන්ගෙ පච හැලියට වැටුනානේ ගහ දන්නා අපට කොල මොකටද නෝනේ සටනින් තොර ජයක් කම්කරුවට නෑනේ…

කේතුමතී හෝටලයේ රතු ඉරි

කලා කෘතියක් එක්ක ගමනක් යන අවස්ථාවක ලොකු බයක් දැනේ නම්, ඒ බය දැනෙන සහෘදයා අයත් වෙන්නේ කුමන කුලකයකට දැයි නොදනිමි. මේ කියන්නේ හදවතේ රිද්මය ඉහළ යාම ගැන නම් නොවේ. ඉතා පැහැදිලිව ‘බයක්’ ඇති වීම ගැන ය. ඇත්ත ජීවිතයේ දී බය නොවන කෙනකු කලා කෘතියකින් බය…

දහස් ගවු ගෙවූ පා යුග රිදවමිනා – කම් නැත දරුවනේ ගෙන යවු විලංගු ලා

නුඹ වන් දරු පැටවු නැලවූ මුව මිරිකා උනට කිරි පෙවූ ළය මඩළද තෙරපා දහස් ගවු ගෙවූ පා යුග රිදවමිනා කම් නැත දරුවනේ ගෙන යවු විලංගු ලා ගෙවුනේ දිවිය රටකට අරුණලු දෙන්න මතු පරපුරේ නිවහල් බව රැකගන්න අඳුරට දෙස් නොදී පහනක් දල්වන්න මිනිසකු විලස…

හොරු රජකරති බය නැතුවම නිදැල්ලේ

දම්සක අතේ ගහගෙන එන පරෙයියා බැටන් පොල්ල උස්සාගත් හපුයියා බලය දකින විට නැමෙනා කොබෙයියා රටකට ලබන කල දැක්කම හපොයියා කූඩුවෙ ඉන්න ඕනැ උන් කවුන්සිලේ හිවලුන් සිල් අරං වැදි බණ විදිල්ලේ කුදලා රැගෙන යති පුරවැසි ඇසිල්ලේ හොරු රජකරති බය නැතුවම නිදැල්ලේ…

ජෝති අහන්න ..!

දැඩි නියංසායට කේඩෑරි වී ගිය ගහකොළ සමාන ,අහේතුවන්ත මිනිස් සමූහයාගෙන් පිරි වන්නිකරයේ උපන් ,එක් සෝමාරි කෙල්ල ක ,ඔබේ හඬ මුලින්ම ඇසුවේ සාරෙට ගත් ගමේ මඟුලක දී ය. මුලදි බැන්ඳ ආදරය ක මිහිර දැන් සැනසීම සොයමි ,මගෙ පපුවට තද කරන් කොල්ලන් ඒ තාලයට තොල්…

මංජුල වෙඩිවර්ධනගේ ‘බත්තලංගුණ්ඩුව’ පුරා අතුරා ඇති උතුරා පිටාර යන උතුම් මානවීය ප්‍රේමය

කිසියම් පොතක් කියවීමට ප්‍රමාද වීම පිළිබඳව මට මා කෙරෙන්ම වරදකාරී හැඟුමක් දැනුනේ අද ය. මා තෙදිනක් තුළ බත්තලංගුණ්ඩුව දෙවරක්ම කියවා, මේ සටහන ලියා දැමුවේ එකී වරදකාරී හැඟුමෙන් මගේ ඇතුළාන්තය මුදාගනු පිණිස ය. ජා ඇලත් ගම්පහත් අතරමැද ගොවි ගම්මානයක…

“ඉතිහාසය ප්‍රබන්ධයට මුසුකරන ඉන්දියානු සාහිත්‍යකරුවා.”

ඉන්දියානු ලේඛක අමිතාව් ගෝෂ් ගැන මුලින්ම මගේ අවධානය යොමු කෙරුනේ අප මිත්‍ර චූලානන්ද සමරනායක සහෝදරයා විසින්. ඒ අප දෙදෙනා දිල්ලියේ ඉතා කෙටිකලක් ගත කල අවස්ථාවේ දී. ඉතිහාසය ප්‍රබන්ධ ගතකිරීම ගැන කල කතාබහක දී යළිත් අමිතාව් ගෝෂ් ගැන ලියනගේ අමරකීර්ති…