බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් දේශපාලකයින් අතින් වන්දි ගැනීම ප්‍රතික්ෂේප කරයි !

82

කටුවාපිටිය දේවස්ථානයට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි පිරිනැමීම සඳහා අද (16) මීගමුවේ පැවති උත්සවයකදී, වන්දි ගෙවීම හරහා දේශපාලකයින් ප්‍රචාරක වාසි ලබාගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් වන්දිලාභීන් පිරිසක් පිටව ගොස් තිබේ.

අදාළ ප්‍රහාරයෙන් මියගිය 89 දෙනෙකු සහ තුවාල ලැබූ 130 දෙනෙකු සඳහා පිරිනමන වන්දි මුදලේ අවසන් වාරිකය ලබාදීම සඳහා හානිපූර්ණ කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණු අතර ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මීට එක්ව සිටියහ.

තවමත් පූර්ණ සුවය නොලැබූ තුවාලකරුවන් ද මෙම වන්දි ගෙවීමේ උත්සවයට කැඳවා තිබී ඇති අතර උත්සවයේ සංවිධාන කටයුතු ද ඉතා දුර්වල මට්ටමක පැවති හෙයින් වන්දිලාභීන්ට නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව තිබුණු බව ද වාර්තා විය.

මහා ඛේදවාචකයක් ඉදිරියේ මහජනතාවගේ බදු මුදලින් ලබාදෙන වන්දි, තවමත් කම්පනයෙන් පසුවන එකී වින්දිතයින්ට ලබාගත හැකි පහසුම ආකාරයෙන් ලබානොදී මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට උත්සාහ දරන කවර දේශපාලකයකුට වුවත් මේවා හොඳ පාඩම් විය යුතුය.

Previous articleසහරාන්ගේ බිරිඳ හා දියණිය රහස් පොලිස් බාරයට.. දිගටම ප‍්‍රතිකාර…
Next articleලසන්ත ඝාතනයට සම්බන්ධ මේජර් බුලත්වත්ත හමුදාපති අණින් යළි සක්‍රිය සේවයට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here