සහරාන්ගේ බිරිඳ හා දියණිය රහස් පොලිස් බාරයට.. දිගටම ප‍්‍රතිකාර…

පාස්කු ඉරිදා දිනයේ මෙරට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරයන්හි ප‍්‍රධානියා වන සහරාන් හසීම්ගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා කාදියා සහ සිවු හැවිරිදි දියණියද සමගින් රහස් පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.

දියණියට බාරකරුවකු නොමැති වීම හේතුවෙන් මව බාරයේ සිටින බවද ඔහු සදහන් කලේය.

අපේ‍්‍රල් 26 වන දා කල්මුනේ සයින්දමර්දු ප‍්‍රදේශයේදී බෝම්බ පුපුරවාගැනීමෙන් පසු කිහිප දෙනෙකු මිය ගොස් සහරාන්ගේ බිරිද හා දියණිය බරපතල තුවාල ලබා තිබියදී හමුදාව විසින් අම්පාර රෝහලට ඇතුළත් කරන ලදී.

පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර එවන ලද ඇය එහි ප‍්‍රතිකාර ලබද්දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන තිබේ.

ඇයට හා දරුවාට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර දිගටම ලබා දෙන බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

Leave A Reply

Your email address will not be published.

fifteen + sixteen =