වයඹ මිනුවන්ගොඩ ප්රචණ්ඩ ක්‍රියා පසුපස දේශපාලන ප්‍රබලයන් – බුද්ධි අංශ රජයට කියයි..
මෑතකදී වයඹ පලාතේ ස්ථාන කිහිපයක හා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා සිදු කර ඇත්තේ සංවිධානාත්මකව පිරිස් විසින් බවත් ඒ පිටුපස දේශපාලන ප්‍රබලයන් සිටින බවටත් රාජ්‍ය බුද්ධි අංශ විසින් දන්වා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
දයාසරි ජයසේකර, මධුමාධව අරවින්ද පමණක් නොවන ජනාධිපති උපදේශකයෙනකුයයි කියන නාමල් කුමාරත්, තවත් සිංහල සංවිධාන කිහිපයකුත් සෘජුවම සම්බන්ධ වී සිටි බව දැනටමත් හෙළි වී තිබේ. එසේම ප්රමුඛ දේශපාලන පක්ෂ කිහිපයක්ම තම දේශපාලන න්යායපත්ර අනුව පිරිස් මෙහෙයවීමට මැදිහත් වී ඇති බවට ද මේ වන විට තොරතුරු වාර්තා වෙමින් ඇත.