පීඩිතයාගේ සුසුම සහ මරණය

 

ඇමරිකාවේ පොලිස් කකුලට සිරවී මියයන්නේ කල්ලෙකු නොව පීඩිත මිනිසෙකි. දියුණු යැයි සම්මත රටක ප්‍රධාන නගරයක රාජ්‍ය ත්‍රස්තවාදය විසින් මිනිසෙකුගේ ගෙල සිරකර මරණ, සජීවී වීඩියෝ නැරඹීමට මුග්ධ ධනවාදය අපට ඉඩ හසර සලසා ඇත. කල්ලාගේ ඝාතනයට එරෙහිවන්නේ සුදු ජාතික කාන්තාවකි. එය රාජ්‍ය ත්‍රස්තවාදය යටපත් කිරීමට ප්‍රමානවත් නොවේ. ඒ පීඩිතයාගේ සුසම වාතලයට එකතුවන්නේ ධනවාදයේදී තමාගේ ජීවත්වීමේ අයිතිය වෙනකෙකු තීරණය කරන නිසාය. මානුෂිකත්වය කීතු කීතුවලට ඉරා දමන සමාජයක පීඩිතයාගේ ඝාතනයට එරෙහිව ලෝකය පුරා විරෝධය නැගෙන්නේ ධනවාදය තම අවසානය සටහන් කිරීම අරඹා ඇති නිසාය.

ධනවාදය යටතේ පීඩිතයා පීඩිතයාමය. එයට කලු-සුදු , ඉස්ලාම්-කතෝලික, ආසියා-බටහිර, කාන්තා-පිරිමි ආදී කිසිවක් අදාල නැත. ධනවාදය යටතේ පීඩිතයා යනු අයිතිවාසිකම් අහිමි සත්වයෙකි. ධනේශ්වරයේ සියලු සදාචාරයන්, නීතීරීති, අයිතිවාසිකම් ඇත්තේ පීඩකයාටය. එයින් විසිවෙන කෑල්ලක් සූප්පුකරන පීඩිතයා ධනවාදයේ නග්න පැවැත්ම වෙනුවෙන් පෙනී සිටිති. එය අමුර්තය සේ වළදති. එහෙත් ඕනෑම මොහොතක වෙඩි කා හෝ ගෙල සිරකර මරණයට පත්වීමට සූදානමින් සිටිය යුතුය. එසේ කිරීම පීඩකයාට අැති අයිතියකි.

මේ පීඩිතයාගේ මරණයට ලෝකයක් එරෙහි වන්නේ එම පීඩනය තමන්ටද කෙදිනක හෝ එතියි දැනෙන නිසාය. එය ලන්ඩන්වලටද, මිලානෝවලටද, ටොරන්ටෝ වලටද එක සමානබව ඔවුන් දනිති. කොරෝනා ලෙසම මේ ධනවාදයේ අමු මුග්ධභාවයද, නුදුරේදී ලෝකය පුරා වේගයෙන් පැතිර යනු ඇත. එයට එරෙහිවීමට, පීඩිතයාගේ සුසුම නියෝජනය කරන්නට, මිනිසුන් අත්වැල් බැඳ නොගතහොත් සිදුවිය හැක්කේ මහමග වීඩියෝ සහිතව මිය යෑමටය. එනිසාම ලෝකයක මිනිසුන් පාරට බහින්නේ තමන් පීඩිතයින් බවට වන හැඟීමටය. ඒ මරණය තමන්ගේ ද මරණය විය හැකි නිසාය.

– සුනිල් කුමාර ගමගේ 

pix-Sue Ogrocki / AP, Logan Cyrus / AFP / Getty, Matt Rourke / AP, Matt York / AP,

Leave A Reply

Your email address will not be published.

5 + 13 =