විදෙස් පුවත් සහරාන්ගේ අනුගාමිකයෙක් කේරළ ප්‍රාන්තයෙන් අත්අඩංගුවට May 12, 2019 29 ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කළ පුද්ගලයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 29 හැවිරිදි සැකකරු රියාස් අබුබකර් හෙවෙත් අබු දුජානා ලෙස හදුනාගෙන තිබේ. සැකකරු කොචී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අත්අඩංගුවට ගත් සැකකරු පසුගිදා මෙරට බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ මහමොලකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු බවට පාපෝච්ඡාරණය කර ඇති බව වාර්තා වවෙයි. ඔහු අනාවරණය කර ඇත්තේ වසරක පමණ කාලයක සිට තමා සහරාන් හෂීම්ගේ සහ ශකීර් නායික් නමැත්තාගේ අදහස් අධ්‍යයනය කළ බවයි. කේරළයේ ප්‍රහාරය එල්ල කිරීමේ සැලසුම පිළිබඳ ඔහු විසින් වැඩිදුර කරුණු අනාවරණය කර ඇති බව ඉන්දීය බලධාරීන් පවසයි.