ට්‍රම්ප්ට, සකර්බර්ග්ට විරෝධය පා ෆේස්බුක් හි සේවකයෝ වර්ජනයක

ජනතාව කුපිත කරවන ෆේස්බුක් සටහන් තබා ඇති ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එම සටහන් ඉවත් නොකිරීමට ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් තීරණය කිරීමත් සමඟ එම සමාගමේ සේවකයන් බහුතරයක් සිය රාජකාරිවලින් ඉවත් වී තිබේ.
‘‘හොරකම් කරන්න පටන් ගත්තාම වෙඩි තියන්නත් පටන් ගන්නවා’’ යනුවෙන් ට්‍රම්ප් ෆේස්බුක් සටහනක් තබා තිබිණි.

මේ ගැන පැහැදිලි කරන ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ පැවසුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සටහන් ඉවත් නොකරන බවත් එය හොඳින් විමසා ගත් තීරණයක් බවත් ය.

විඩියෝ තාක්ෂණය ඔස්සේ සිය සේවකයන් සමඟ පැවැති ප්‍රශ්නෝත්තර වැඩසටහනකදී මාර්ක් සකර්බර්ග් ඒ බව පැවැසීය.

‘‘තමන් මේ තීරණය ගත්තේ හොඳින් විමසා බලා. අපි ජනාධිපති ට්‍රම්ප්ගේ ෆේස්බුක් සටහන් ඉවත් කරන්නේ නැහැ.’’ යැයි මාර්ක් සකර්බර්ග් කීය.

ෆේස්බුක් සමාගමේ සේවකයන් සියල්ලම පාහේ එහි ප්‍රධාන විධායක නිලධාරියාගේ තීරණයට සිය විරෝධය පළ කර ඇති අතර තවත් සේවකයන් පිරිසක් ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා අස් වී ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් සතුටු නොවන බව ද මාර්ක් සකර්බර්ග් එහිදි සිය සේවකයන්ට පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.

13 + 14 =