“ආණ්ඩුවේම කොටසක් අර්ජුන මහේන්ද්‍රන් බේරගන්න ඉන්ටර්පෝල් එකට ලියුම් ලිව්වා”

“මාව ජනාධිපති කරන්න නායකත්වය ගත්ත රනිල් වික්‍රමසිංහ මහත්මයාව අයින් කරලා මහින්ද රාජපක්ෂ මහත්තයව අගමැති කළේ ඇයි කියල මගෙන් ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් වෙලා තියනවා. මේක දීර්ග කාලයක් තිබුන ගැටුමක්.”
අද(03) ශ්‍රීලනිප මාධ්‍ය හමුවක් පවත්වමින් මෛත්‍රිපාල සිරිසේන මෙම අදහස් පළකළේය. මේ අවස්ථාවට හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකාරද එක් විය. වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා.

“මම මේක පළමු වතාවටයි කියන්නෙ. අවසන් සිද්ධිය වුනේ, අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන ඒම සඳහා අපි කරපු නීතිමය ලියුම් ගනුදෙනු එක්ක අන්තර් ජාතික පොලීසියට අපි ශ්‍රී ලංකා රජය ලියුම් ඇරියා මෙයා මොහුව අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න මොකද අර්ජුන මහේන්ද්‍රන් මුල්‍ය වංචාවකට සම්බන්ධයි කියල.”

“නමුත් අපේ ආණ්ඩුවේ ම කොටසක් ඉන්ටර්පොල් එකට ලිව්වා, මේක මුල්‍ය වංචාවක් හෝ වෙනත් දෙයක් නෙමෙයි, මේක දේශපාලන ගැටුමක් නිසා වෙච්ච ප්‍රශ්නයක්, ඒ නිසා ඉන්ටර්පෝල් එක මේකට මැදිහත් වෙන්ඩ එපා කියල. ඊට පස්සේ ඉන්ටර්පෝල් එක දැනුම් දුන්න අපිට මේ විදිහට අපිට දන්වල තියනවා , ඒ නිසා අපිට මැදිහත්වෙන්න බෑ කියල.”

“ඉන් පස්සෙ මම පත් කළ ජනධිපති කොමිසම සහ නීතිපති දෙපාර්තමේන්තුවේ බලතල, මේ ඔක්කොම සඳහන් කරලා අපි නැවත ඉන්ටර්පෝල් එකට පැහැදිලි කරල විශාල ලිපිගොනු ප්‍රමාණයක් එක්ක නැවත ලිව්වා. ඒක ඉන්ටර්පෝල් එක පිළිගත්තා. පිළිගෙන තමයි ඉන්ටර්පෝල් එක රතු නිවේදනය නිකුත් කළේ. මගේ කාලයේම මම ඒ දේ කළා. නාමුත් දැන් තියන තත්වය තමයි, අර්ජුන මහේන්ද්‍රන් නම වෙනස් කරගෙන තමයි ඒ රටේ ඉන්නෙ. දැන් නැවතත් අලුතින් ලියකියවිලි ඉදිරිපත්කරන්න වෙලා තියනවා.” යනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසිය.

Leave A Reply

Your email address will not be published.

six + fifteen =