තොණ්ඩමන්ගේ අවමඟුල ට ගිය මාධ්‍යවේදියකු නිරෝධායනයට

හැටන් දිඹුල ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි තවත් අයෙකු, සහ රියදුරෙක් දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කළ බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් පවසයි.

මෙම මාධ්‍යවේදියා තොණ්ඩමන්ගේ දේහය බත්තරමුල්ල නිවසට සහ ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තිබූ අවස්ථාවේ මාධ්‍යය ආවරණ කර ඇති අතර තොණ්ඩමන්ගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසු ව එම මාධ්‍යවේදියාට රෝග ලක්ෂණ කිහිපයක් මතු වී ඇති බව මහජනසෞඛ්‍යය පරීක්ෂකවරයා පවසයි.

මෙම මාධ්‍යයවේදියා ඔහුට රෝග ලක්ෂණ මතුවීම නිසා දික්ඔය මුලික රෝහල වෙත ගොස් පී.සී.ආර් පරීක්ෂණයක්ද සිදු කරගෙන ඇත.

තවම එහි පරික්ෂණ වාර්තාව ලැබී නැති අතර එය ලැබීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්, යළිත් වතාවක් පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කරන බවත්, එතෙක් එම ප්‍රාදේශීය මාධ්‍යයවේදියා සහ අනෙකුත් දෙදෙනා දිඹුල ප්‍රදේශයේ ඔවුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධනයට යොමු කළ බවද පවසයි.

Leave A Reply

Your email address will not be published.

9 − two =