ට්‍රම්ප් බංකරයට පලායයි

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනයට එරෙහිව ඇවිලෙන විරෝධතා ධවල මන්දිරයෙන් පිටත පැතිර යද්දී ට්‍රම්ප් බංකරයට  පලායයි.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය නිසා ඇති වූ විරෝධතා සිකුරාදා රාත්‍රියේ ධවල මන්දිරයෙන් පිටත පැතිර යද්දී ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ආරක්ෂිත බංකරයකට ගෙන ගොස් තිබෙනවා.
පසුගිය සඳුදා මිනියාපොලිස් හි දී ෆ්ලොයිඩ්ගේ මරණය සිදුවූ අතර, වොෂිංටන් ඩීසී ඇතුළු එක්සත් ජනපදය පුරා නගර විශාල ගණනක නොසන්සුන්තාව සහ විරෝධතා ඇතිවී තිබෙනවා. සිකුරාදා රාත්‍රියේ සිට විරෝධතාකරුවන් ධවල මන්දිරයෙන් පිටත රැස්ව සිටින අතර ධවල මන්දිරයේ ඉදිරිපිට දී ගැටුම් වරින් වර පුපුරා ගිය බවයි ද ගාඩියන් වෙබ් අඩවිය වාර්ථා කරන්නේ.
සිකුරාදා ධවල මන්දිරයට විරෝධතාකරුවන් එක්රැස් වෙද්දී නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කළේ, “හදිසියේම ත්‍රස්තවාදී ප්‍රහාරවලදී අතීතයේ භාවිතා කළ භූගත බංකරය වෙත රහස් සේවා නියෝජිතයන් විසින් ජනාධිපතිවරයා හදිසියේම ගෙන ගිය” බවයි.
කපිල එම්.ගමගේ

 

Leave A Reply

Your email address will not be published.

3 × four =