තරුණයන් දෙදෙනාගේ ඝාතකයින් වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මැදිහත්වෙයි

60

බස්නාහිර පළාතේ සිටින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියකුට දුරකථන ඇමතුමක් ගෙන තිබේ. කතාවට මාතෘකාව වී ඇත්තේ රත්ගම, බූස්ස ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඝාතනයට සම්බන්ධ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනය.

රවී විජේගුණවර්ධන වෙනුවෙන් කතා කරමින් අදාළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා CID නිලධාරියාට ප්‍රකාශ කර තිබුණේ, “මල්ලි ඕකා හිත හොඳ එකා. ඔය නොදන්නකමට ගිහින් මොකක් හරි පටලා ගන්න ඇති. අපි අපි ඔක්කොම පොලිස්කාරයොනෙ බං, ඔන්න ඕක ශේප් කරලා දාහං” යනුවෙනි.

එහිදී CID නිලධාරියා “බොස්, බොස්‍ට මතකද අර කුරුණෑගල රොබරියකදි අපෙ SI කෙනෙක්ට වෙඩි තියලා මරපු සීන් එක ?” යනුවෙන් විමසා ඇති අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා “ඔව්, ඔව්” යනුවෙන් පිළිතුරු දී ඇත.

“ඒකෙදි බොස්, වෙඩි තිබ්බ එකා වෙඩි තියන්න පැය බාගෙකට කලින් ඩ්‍රින්ක් එක දදා ඉඳලා තියෙන්නෙ බොස් ඔය කියන හා පැටියා එක්ක. පස්සෙ වෙඩි තිබ්බ එකාවත් පොලිසියෙන් වෙඩි තියලා මැරුවා තමයි, ඒත් මෙව්වා දිගින් දිගටම අහගෙන ඉන්න ගියාම අපි නිකම් ජෝකර්ලා වෙනවා නේද ?” යනුවෙන් CID ඉහළ නිලධාරියා යළි විමසා ඇත.

“හරි හරි බං. ඕවා මොනවා වුණත් ඌ හරි හොඳ එකා. අනික හෙට අනිද්දා පෙන්ශන් යන්නත් ඉන්නේ. ඒක නිසා ඔන්නෝක ශේප් කරලා දාහං” යනුවෙන් ජේ. නි. පො.වරයා යළි ඉල්ලා ඇති අතර CID නිලධාරියා දුරකථනය විසන්ධි කර තිබේ.

Previous articleගුරු, විදුහල්පති ගැටළු වහා විසඳනු – යාපනයේදීත් විරෝධතා
Next articleඉන්දියාව සහ තුර්කිය සඳහා ඇමරිකාව ලබාදුන් බදු සහන ඉවතට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here