අකුරුවලින් රූප මවන ‘‘ඌළියක්කාරි’’

 

‘‘කෙනෙකුගේ තියුණු විශේෂිත අත්දැකීමකට හැඩයක් ලබාදීම, කලාව හෝ සාහිත්යැ නිර්මාණය ලෙස අර්ථ ගැන්විය හැකිය. මේ කියන හැඩය රූපවලින් ශබ්දවලින් වර්ණ හෝ රේඛාවලින් නාද තැටිවලින් අභිනයෙන් වචනවලින් සිත්තම් කරගත හැකිය. විශේෂිත ව කවියා මෙහිලා යොදා ගන්නා මෙවලම වනුයේ වචන බව අවිවාදිත ය. ජීවන අත්දැකීම ස්වකීය අනුභූතියක් කරගන්නා කවියා, තම හෘදය ප්රයකාශනය සහනුභූතියක් බවට පෙරළා ගැනීම උදෙසා ‘වචන’ භාවිතයට ගනියි.‍’’
ජයලත් මනෝරත්න: සිළුමිණ: 2018/1/06

මනෝරත්න පවසන පරිදි කවියා වචන භාවිතයට ගන්නේ සිය අනුභූතිය තමා අනුදත් සාහිත්යාය මානය ඔස්සේ පාඨක ප්රරජාව වෙත සමීප කරවීම සඳහා ය. නිර්මාණකරණයේ දී ඔහු හෝ ඇය උපස්තම්භක කරගන්නා වදන් සුන්දර නොවිය හැකි ය; විදග්ධ විය හැකි ය; සරල විය හැකි ය; එදිනෙදා භාවිතයට ගන්නා වදන් විය හැකි ය; ඇතැම් විට වදන් ප්රිමාණය අවම විය හැකි ය.

යට කී කුමනාකාරයකින හෝ අදාළ නිර්මාණය කියවන පුද්ගලයා කිසියම් රස වින්දනාත්මක ඉසව්වකට කැඳවාගෙන යන්නට, ඔහුගේ හෝ ඇයගේ හදවතේ තිගැස්මක් ඇති කරන්නට, අදාළ වදන් කියැවූ සැණින් කිසියම් චිත්තරූපාවලියක් මනසේ ජනිත වන්නට, එසේ ජනිත වූ චිත්ත රූපාවලිය තුළින් ඔහු හෝ ඇය හඬවන්නට, සිනහගන්වන්නට හෝ ඒ සිත තුළ පිළිකුල් සහගත හැඟීමක් ඇති කරවන්නට වුව ද සමත් වන්නේ නම් එකී වදන් පෙළ කාව්යාඒත්මක ය. මේ මොහෙතේ මගේ විමංසනයට බඳුන්වන, වජිර දීප්ති වීරකෝන් විසින් රචිත ‘‘ඌලියක්කාරි’’ කෘතියේ ද එබඳු කවි කිහිපයක් අන්තර්ගත ය. ඒ අතුරෙන් ද මගේ වින්දන පරාසය පුළුල් කළ පළමු කව වන්නේ ‘‘කුමාර වීදිය’’ නමැති නිර්මාණය යි.

ගැල බාන
ලොරි නාට්ටාමිය
අතරින්
පිපෙයි
බර අඩු කරන
සුරඟන

මෙම කව විඳීමේ දී එක්වර ම දර්ශනය වන රූපක කිහිපයකි. ඒ: කරත්තයක්, ලොරියක් සහ නාට්ටාමිවරයෙකි. බැලු බැල්මට මෙම යෙදුම් ඉතා සරල හෝ අවිදග්ධ යැයි කිසිවකුට තර්ක කළ හැකි ය. නමුදු අනතුරුව කවියා ඉදිරිපත් කරන වක්බිණුමෙහි සැඟව පවත්නේ කුමක් ද? එහි සැඟව පවත්නේ අන් කිසිවක් නොව ‘‘කවිය’’ යි.

යට කී රූපක සියල්ල අතරින් මතුව පෙනෙන්නේ අන්කිසිවකු නොව ජීවිකාව උදෙසා සිය ශරීරය අලෙවි කරන ගණිකාවකි. උදෑසන සිට සවස්වන තෙක් බර අදින නාට්ටාමිවරයාගේ හිසේ බර නොව හිතේ බර සැහැල්ලු කරනු ලබන්නේ මෙවන් ගණිකාවෝ ය. එසේ නම් නාටාමිවරයාට ඇය සුරඟනක් නොවන්නේ ද…? ඒ සුරඟන පිළිබඳව කෙටියෙන් වුව ද අලංකාරවත් ලෙස පවසන්නට කවියා සමත් වී ඇත. එය අන් කිසිවක් නොව ඔහු සතු කවිතාව යි.

දරු දුකිනා හද පෙළනා

කුස තුළ හොත් කළලය විනාශ කර දමන්නට හෝ මෙලොවට බිහි කළ දරුවකු: මරා දමන්නට, අලෙවි කරන්නට හෝ කිසිදු මුදලක් අය නොකර තවකෙකුට පැවරීමට කිසියම් කාන්තාවක් පෙලඹෙන්නේ ඇය සතුව මාතෘ ස්නේහය බිඳුවක් හෝ නොමැති නිසා පමණක් ම නොවේ. ඒ සඳහා ඇයට, ඇගේ පෙම්වතාට හෝ සැමියාට සාධාරණ හේතුවක් තිබිය හැකි ය. ඒ හේතුව පදනම් කරගනිමින් සිය දරුවා අන් අයකු සතු කිරීමෙන් ඉක්බිති මවකගේ සිත කෙතරම් වේදනා විඳින්නේ ද යන්න පසක් කරන නිර්මාණයක් ලෙස ‘‘හදාගන්නට අරන් ගිය දුව’’ නමැති නිර්මාණය හැඳින්විය හැකි ය.

ගෝමේද
පසිංගල්
එකම ඉල්ලමක
වෙන වෙන ම
ගැරුම් වට්ටිවල

ගර්භවාස අනතුරු
අඳුරු දෝනා තුළ
දිවි හිමියෙන්
රැක ගත් මැණික

මඩ ගා
ගල ගා
උර ගා
මිල ගා
කැටයම් ව
තොඩුවක සරිව
නන්නාඳුනන ඉසව්වක
සැරිසරයි
නිල් මැනික….
මයෙ මැණික….

මෙම කවෙහි ඇති විශේෂත්වයක් වන්නේ සමස්ත කවිය ම කැටි කරගත් විට හැඟෙන අරුත අභිභවා යන අරුතක් කවියෙන් කවිය විසංයෝජනය කිරීමේ දී දැකගත හැකි වීම ය.

මෙම කථකාව සතුව මේ වන විටත් තව දරු දෙදෙනෙකු සිටින බවත්, එම දරු දෙදෙනා දෙපළක වෙසෙන බව හෝ පියවරු දෙදෙනෙකුගේ බවත් පළමු කව වක්ක්රෝික්තියෙන් පවසයි. දෙවන කවියට සංක්ර මණය වන විට ඇය මේ වන විට පිටරැටියකුට පවරා ඇති දරුවා ද ඉතා අසීරුවෙන් රැකගත් බව කථකාව පවසන්නී ය. ඒ ඇතැම් විට දරුවා මෙලොව එළිය දැකීමට පෙර සිට ම ඒ දරුවා අලෙවි කිරීමට තීරණය කර තිබූ බැවින් විය හැකි ය.

කෙස් වුව ද අවසන ඇය දරුවා අලෙවි කරන්නී ඉතා අසීරුවෙන් බව තෙවන කවියෙන් ප්‍රකට කෙරේ. දරුවාට මිලක් නියම කිරීමට පෙර ඇය සිය විරෝධය පා ඇති බව එම කවියෙන් විද්යරමාන කෙරේ. නන්නාඳුනන පිටරැටියකුට සිය දරුවා අලෙවි කළ ද ඒ දරුවාට මව දක්වන ආදරය කෙතරම් ද යන්න ගම්යා කිරීම සඳහා කවියා යොදාගන්නා සංකේතය නම් ‘‘නිල් මැණික’’ යන්න ය.

මෙය මතුපිටින් ඉතා සරල කරුණක් වුව ද මවක් සිය දරුවා අලෙවි කරනවා යන්න බරපතළ සමාජ, ආර්ථික ගැටලුවකි. පිටරැටියෝ අපේ දරුවෝ මිලදී රැගෙන ගිය ද, විදෙස් රටක දරුවන් අපි හෝ වෙනත් රටක පුද්ගලයෝ මිල දී ගන්නවා ද, ඔවුන් (වෙසෙසින් ම බටහිර සහ යුරෝපිය රටවල) තම දරුවෝ අලෙවි කරනවා ද යන්න පිළිබඳ අසා හෝ කියවා නැත. එසේ නම් අපේ මව්වරු සිය දරුවා අලෙවි කරන්නේ හුදු මාතෘ ස්නේහයේ අවප්රකමාණයක් නිසා නොව බරපතළ ආර්ථික උග්රකතා හේතුවෙන් බව අපි අවබෝධ කරගත යුතු ය. කවියා එය ඍජුව ම නොපැවසුව ද කවියේ අන්තර්ගත එය නොවේ ද යන්න යළි යළිත් සිතා බැලිය යුතුව ඇත.

මගේ නිදහස මට දෙන්න

‘‘දරුවන්’’ යනු ‘‘දරුවන් ම’’ මිස කුඩා හෝ පොඩි මිනිස්සු නොවන බව ප්රේකට කියමනකි. ඒ දරුවෝ සිය ළමා වියේ දී නිදහස භුක්ති විඳීමට බෙහෙවින් ම රුචිකත්වයක් දක්වති. එහෙත් ඒ නිදහස ඒ ආකාරයෙන් ම නොව ඊට සාපේක්ෂ වශයෙන් හෝ ලබා දීමට අපේ දෙමාපියෝ කටයුතු නොකරති. ‘‘කතන්දර එපා’’ නමැති නිර්මාණය අපට කියා දෙන්නේ දරුවන්ගේ නිදහස ඔවුන්ට ලබා දිය යුතු ය යන්න ය.

කටට එබූ
හබුං කට
නොගිලන
පොඩි එකා
අත පය වීසි කොට
උඩ පැන තල්ලු කොට
නොකියා කියන්නේ

‘‘බල්ලෙක් හෝ පූසෙක් නොවෙමි
කපුටෙක් නම් කෙසේවත් නොවෙමි
ඉතින් ඇයි මට බලු කපුටු දානය,

කැමතියි මමත්
අතින් අරන්
කට වටේ ගාගෙන
පෙරාගෙන කන්න

නොවෙමි මම කැමති
නිකම්ම ගිලින්න

මෙම කවියේ මතුපිට දැක්ම දරුවන්ගේ නිදහස යැයි ආරම්භයේ දී පැවසුව ද එය එපමණකට පමණක් ම ලඝු කළ නොහැකි ය. එසේ නම් එහි යටිපෙළ කුමක් ද යන්න පාඨක ප්රමජාවට ගැටලුවක් ඇතිවනු නොඅනුමාන ය.

‘‘කිසිවකු කී පමණින්, ඇසින් දුටු පමණින් හෝ ශ්රපවණය කිරීමෙන් පමණක් කිසිවක් ම විශ්වාස නොකරන්න සහ නොපිළිපඳින්න’’ යනුවෙන් බුදුන් වහන්සේ ද වදාරා ඇත. මෙම නිර්මාණයේ දී කවියා ව්යංනගාර්ථයෙන් පවසන්නේ ද එකී යථාර්ථය යි. එනම් කෙතරම් දුෂ්කර වුව ද, කටුක වුව ද තමන්ගේ මනසට අනෙකකු බලෙන් ඔබ්බවන දෑ පමණක් ම පිළිගැනීමට සුදානම් නොවී තමන්ට හැකි පමණින් විමසා, විචාරා යමක් අවබෝධ කරගන්නා ලෙසයි; යමක් නිර්මාණය කරන ලෙසයි.

විවෘත ආර්ථික සුනාමිය

වසර හැත්තෑ දෙකක් පුරා මෙරට පාලනය කළ පාලකයෝ එදා සිට අද දක්වා ම ජනතාව රැවටූහ; ජනතාව ද රැවටුණේ ය. එක් වතාවක් හඳෙන් හෝ හාල් ගෙනවිත් දෙන්නම් යැයි පැවසු විට එය පිළිගත් රටවැසියෝ දෙවන වර ධාන්යක රාත්තල් අටක් බලාපොරොත්තුවෙන් රැවටුණහ. ධාන්යය රාත්තල් අට කෙසේ වෙතත් තිබූ ධාන්යයය ද අවප්රබමාණ කරමින් විවෘත ආර්ථිකය නමැති රකුසා මෙරටට කැඳවා ගත්තේ ය. වජිර දීප්ති වීරකෝන් සිය නිර්මාණ කෞෂල්යෘ මැනවින් උපස්තම්භක කරගනිමින් යට කී ව්යතසනය කදිමට සමාජ ගත කර ඇත. ඒ, ‘‘හතර හන්දිය කැඩුණු පසු’’ නමැති නිර්මාණය තුළිනි.

මනහරය ඒ ගඟ
ගම මැදින් ගැලුව
තෙදවත් ය ගිරි මුදුන
ගමේ පන්සල තිබුණ

එකවර බිම් බැස්ස
කළු වැස්ස
යට කලා කඩ මණ්ඩිය
දිය කලා ගොඩ මඩ දෙක ම

බැස නොයා රැඳුණු රොන් මඩ
අදුනගන්නට නොහැක හන්දිය
ඊට පහු වංගිය
ගිනි මැටිත් පුච්චපු
මෝඩ ගඩොල් වලට
හම්බුනා ඡන්දය

සරුසාර ඵල බර
සිප්සල තිබුණු කෙළවර
රිටි කශේරු පරපුර
හතරගාතෙන් වැටුණු අරුමය

පළමු කව කියවන විට එකපැහැර සිහියට නැගෙන්නේ කේයස් කවියා විසින් රචිත ‘‘සුදෝ සුදු’’ කෘතියේ එන මතු දැක්වෙන කවිය යි.

ගොඩ මඩ දෙකම සරු සාරය පලබර ය
කටුරොද ගම්මාන තරමක් පිටිසර ය
ඒ ගම මැදින් ගලනා ගඟ මනහර ය
කඩ මණ්ඩිය පිහිටියේ ගම කෙළවර ය

කවියා පළමු කවියේ පළමු පදයෙන් අරුත් ගන්වන්නේ ද කේයස් කවියා විසින් රචිත මනරම් ගඟ පිළිබඳව ය. එකලට සාපේක්ෂව එය යථාර්ථය යි. එමෙන් ම එකල කඳු මුදුනක පිහිටි පන්සල ද ඉතා තෙදවත් ය. එහෙත් එක් වර ම පොළොවට පතිත වන්නේ කාල වර්ණ වැස්සකි. ඒ කාල වර්ණ වැස්ස යන සංකේතයෙන් කවියා අරුත් ගන්වන්නේ අන් කිසිවක් නොව විවෘත ආර්ථිකය යි. විවෘත ආර්ථිකය පැමිණීමෙන් ඉක්බිති කුඩා ව්යාවපාරිකයෝ මෙන් ම අපේ කෘෂිකර්මාන්තය ද ආල පාළු වූ බව කවියා වක්ක්රෝකක්තියෙන් පවසන ආකාරය කදිම ය.

විවෘත ආර්ථිකය නමැති කළු වැසි වැසීමෙන් ඉක්බිති ගම ඉතා වේගයෙන් වෙනස් වූ අතර කිසිදු අධ්යා පනයක් නොලද, ගමේ චණ්ඩි, හොර සුරා නිෂ්පාදකයෝ සහ ස්ත්රීව දූෂකයෝ ද මැති සබයට ගියහ. එකී යථාර්ථය අපූරු රූපක කිහිපයකින් ඉදිරිපත් කරන්නට කවියා සමත් වී ඇත. අනතරුව සිදුවන්නේ කුමක් ද?

ඇතැම් පාසල් වැසී ඒ ස්ථානවල කර්මාන්ත (විශේෂයෙන් ම ඇඟලුම් කර්මාන්ත) ශාලා ඉදි කෙරුණු බව, ඒවායේ රැකියා ලාභින් වූයේ ගමේ සිටි කශේරුකාවක් සහිත පරපුර බවත්, විවෘත ආර්ථිකය කඩාවැදීමත් සමග ම ඔවුන්ගේ කශේරුකා බිඳ වැටුණු බවත් කවියා අවසන් කවියෙන් ප්ර්කට කරයි.

යට විමංසනයට බඳුන් කළ නිර්මාණ හතරට අමතරව මෙම කෘතියේ අන්තර්ගත: අකුණු එළිවල පිපිපුණු කළු මල, වල්ලිපුරම් වැන්දඹුව, මිස්සකත් ගිය පසු, සිපාචාරයෙන් අනතුරුව, මූඩියක් ඇරෙන්නෙම, ජීසස් VS බුද්ධ, වැව ළඟ දෙවන රැය, නස්රුදින්ගේ ජාතිවාදය, සොදොම් ලොමෝරා සහ සර්ව වල්ලභ දිසාපාමොක් යන නිර්මාණ ද මගේ වින්දන පරාසය පුරවාලූ කළ බව පැවසිය යුතු ය.

ජයසිරි අලවත්ත

Leave A Reply

Your email address will not be published.

8 + 5 =