තෙරපීමකදී මියගිය තිදෙනාගේ අවසන්කටයුතු අද

මාළිගාවත්ත ජුම්මා මස්ජිද් මාවත ප්‍රදේශයේදී සිදුවු තෙරපීමකදී මියගිය කාන්තාවන් තිදෙනාගේ අවසන් කටයුතු අද(22) මාළිගාවත්ත ඉස්ලාම් සුසාන භූමියේදී සිදුකළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්, එම ආධාර බෙදීම සංවිධාන කළ ව්‍යාපාරිකයා ඇතුළු හත් දෙනා එළඹෙන ජුනි 4 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ මාළිගාවත්ත පොලිසිය විසින් ඔවුන් ඊයේ පස්වරුවේ අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සිදුවීම පිළිබඳව මුහුණු පොතේ දක්නට ලැබුණු සටහන් කිහිපයක් මෙලෙස තිබිණි

ඒක වෙන්නෙ නැහැ යෝජනා කරපුවිදියට දුන්නා නම්. මාස දෙකටම 5000යි.බන්දුලගේ 2500 න්‍යායට කන්න දිලා.මාර්තු අප්‍රියල් ඒ. මැයි තාම යනවා.ජුනි දෙන්න සලකා බලන්න කියලා තියෙනවා.මැතිවරණ නාඩගම ලියාගෙන යනවා.

උපාලි බණ්ඩාර වීරසේකර

ආධාර ගන්න මිනිස්සු තෙරපිල මැරෙනව කියන්නෙ කුසගින්න සහ දරිද්‍රතාවයෙ තරම මරණයට වඩා උඩට ඇවිත් කියන එක!
මිනිස්සුන්ට බඩගින්න ලොකු වුණාම, දරුවො බඩගින්නෙ වුණාම ඒකෙ අමාරුව ලොකුයි කෝකටත් වඩා. ඒක ආර්ථික ප්‍රශ්නයක් මිසක් මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් නෙමෙයි.

කසුන් පස්සෙවෙල

* රටේ කොහේ හරි රු. 1500 ක් පමණ මුදලක් ලබා ගැනීමට පොර කා පෑගී මිය යාමෙන් පෙන්නුම් කරන යථාර්ථය කුමක්ද?
* ප්‍රශ්නයට අපේ පාලකයන්ට ඇති විසඳුම කුමක්ද?
* ආධාර බෙදා දීමට ක්‍රියා කළ පුද්ගලයා/පුද්ගලයන් අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට ක්‍රියා කිරීම ය!

වසන්ත දිසානායක

Leave A Reply

Your email address will not be published.

thirteen + three =