ආසාදිතයන් 17 දෙනෙකු අද දිනය තුල සොයාගනියි

මෙරට අද (21) මේ දක්වා Covid-19 ආසාදිතයන් 17 දෙනෙකු සොයාගෙන ඇති බව වාර්තා වේ.

මේ දක්වා මෙරටින් හමුවී ඇති Covid-19 ආසාදිතයන් ප්‍රමාණය 1045ක් දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට අනුව, අද හමුවූ ආසාදිතයන් දෙදෙනෙකු මුලතිවු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයන් වන අතර, අනෙක් පුද්ගලයන් 15දෙනාම ඩුබායි සිට පැමිණීමෙන් අනතුරුව ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වන විට රෝගීන් 432 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, ආසාදිතයන් 604 දෙනෙකු මේ දක්වා සුවය ලබා ඇත.

Leave A Reply

Your email address will not be published.

15 − twelve =