අද ඉන්දියාව සහ බංග්ලාදේශය ඇමිෆාන් කුණාටුවට මුහුණ දෙනු ඇත

 

එය ඉන්දියාවට සහ බංග්ලාදේශ්වලට 20 වසරක් තිස්සේ බැට දුන් කුණාටු වලට වඩා ප්‍රචන්ඩ බව කාලගුණ විද්‍යඥයෝ ඒ ඒ රජයන්ට දැනුමි දී ඇත. සියලු භෞතික වස්තුන් සුනුවිසුණු කිරීමට සිතාගෙන පැමිනෙන ඇගේ වෙිගය පැයට කිලෝ මීටර් 180 ක් වනු ඇතැයි නිරීක්ෂකයෝ කියා සිටිති. බෙංගාල බොක්කෙන් ළඟා වන ඇම්ෆාන් සුළි කුණාටුව නැගෙනහිර ඉන්දියාවේ සහ දකුණු බංග්ලාදේශයේ වෙරළ තීරයට පැමිනෙනු ඇතැයි අපේක්ෂා කරන අතර පැයට කිලෝමීටර් 185 ක (පැයට සැතපුම් 115 ක්) වෙිගයෙන් චන්ඩ සුළං හමනු ඇත.

ඉන්දියාව සහ බංග්ලාදේශය මිලියන ගණනක් ජනයා බලවත්ම කුණාටුවේ මාවතෙන් ඉවත් කර ඇති අතර එය බදාදා සවස සිදුවනු ඇතැයි අපේක්ෂා කරනු ලබයි . නිවාස හා බෝග වලට විශාල හානියක් සිදුවනු ඇතැයි යන බිය මතු වී තිබේ.

කොරෝනා වයිරස් වසංගතය මැඩපැවැත්වීමට සහ සමාජ දුරස්ථභාවය බලාත්මක කිරීමට අඛණ්ඩව උත්සාහ ගන්නා මොහොතක ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා බලධාරීන්ගේ පියවර ඉතා අසීරු සහ සංකීර්ණ විය.
ඉන්දියාවෙි බෙංගාල ප්‍රාන්තයට නුදුරින් මිලියන 1.4 ක ජනතාවක් ඉවත් කර නවාතැන් දී ඇති නමුත් වෙරළබඩ ප්‍රදේශවල සමහර දූපත් වල අවම වශයෙන් 46,000 ක ජනතාවක් පැහැදිලි අනතුරක තවමත් රැඳී සිටිති.
300,000 ක් පමණ දෙනා කුණාටු කූඩාරම් වෙත ගෙන ගොස් ඇති බව බටහිර බෙංගාල මහ ඇමති මමාටා බැනර්ජි පැවසීය. කල්කටා ප්‍රාන්ත අගනුවර සුළි කුණාටුවේ මාවත අසල පිහිටා ඇති අතර පැරණි, අබලන් වූ ගොඩනැගිලි 1,500 ක් පමණ ජීවත් වන මිනිසුන් ගැන ඔවුහු සැලකිලිමත් වෙි .
බංග්ලාදේශයේ “අවම වශයෙන් මිලියන පහක පමණ පිරිසකට නවාතැන් පහසුකම් දී ඇති අතර වෛද්‍ය කණ්ඩායමක්, ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක්, වෙරළාරක්ෂක භටයින් අතරට නාවික හමුදාව වෙරළබඩ ප්‍රදේශවල සෝදිසියෙන් සිටිමට රදවා තිබෙි .”
බංග්ලාදේශයේ බලධාරීන් පැවසුවේ සුළි කුණාටුවෙන් උදම් රළ සහ අධික වර්ෂාපතනය, සහ ගංවතුර මුදා හැරිය හැකි නිසා වඩාත් අවදානමට ලක්විය හැක්කේ ඊට නුදුරින් කුඩාරමිවල ඡිවත්වන දශලක්ෂයක් පමණ වෙන රොහිංගියා සරණාගතයන් බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ ආහාර, සහ ජල පවිත්‍රතා පෙති තොග ගබඩා කර ඇති අතර අවශ්‍ය වුවහොත් සරණාගතයින් ශක්තිමත් ගොඩනැගිලි වෙත ගෙන යන බවයි.
බංග්ලාදේශයේ සරණාගත කොමසාරිස් මහබුබ් අලාම් තලූක්ඩර් පැවසුවේ “අපි සම්පුර්ණයෙන්ම සුදානම්. ‘‘
ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ අඩි 10 සිට 16 දක්වා (මීටර් 3-4) රළ – තට්ටු දෙකක නිවසක් තරම් උසට – වෙරළ තීරයේ සියලු වාසස්ථාන ගිල දැමිය හැකි බවත්, සන්නිවේදන කුළුණු උදුරා දැමිය හැකි බවත්, මාර්ග සහ දුම්රිය මාර්ග ජලයෙන් යටවිය හැකි බවත්ය.

-උපාලි ජයසිංහ 


 

 

 

 

Leave A Reply

Your email address will not be published.

eight − 5 =