ගෝලීය වෛරස් යුද්ධයට සමාගාමීව චීනයේ වෙළද යුද්ධය

කොරා්නා වෛරසයේ නිජබිම වු චීනය එය මානව සම්ප්‍රේෂණය පිළිබඳ සාක්ෂි තිබියදීත්, එසේ නොමැති බව කියමින් හෝ නිහඩව සිටීමෙන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ජනවාරි 20 වෙනිදා දක්වා එය වසන්කරමින් සිටි බවට එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය කියා සිටි. රටක එකී රහස්‍යභාවය ජාත්‍යන්තර විනිවිදභාවය පිලිබද කාරනයකි. ඒ අනුව එහි පරීක්ෂණයක් නුදුරු දිනයක කරනු ලබන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියි.

වසංගතය දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් චීනයේ විදේශ ඇමති වැන්ග් යී විදේශ දේශපාලන නායකයින් හෙළා දුටුවේය. චීනයේ ජනාධිපති ෂී ජින් පිං පැවසුවේ “ගෝලීය ප්‍රතිචාරය පුළුල් ලෙස ඇගයීමට” තම රට සහාය දුන් බවයි. නමුදු මෙි පරීක්ෂණයට විද්‍යාත්මක හා වෘත්තීය ආකල්පයක් අවශ්‍ය වන අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙහෙයවිය යුතුය. වාස්තවිකත්වය සහ සාධාරණත්වය පිළිබඳ මූලධර්ම ඔවුන් පිළිගත යුතුය.”

චීනය ඔස්ට්‍රෙිලියාවෙන් සිය පලිය ගත්තේ අමුතුම ක්‍රමයකටය. ඔස්ට්‍රෙිලියාවෙන් ප්‍රධාන ආහාර වර්ග 3 ක් ආනයනය කරන චීනය ඉන් එකක් තම ගොවියන්ගේ නිෂ්පාදනවලට පහරක් යනුවෙන් සදහන් කර ඔස්ට්‍රේලියාවෙි බාර්ලි ආනයනය මත ඊයේ 80% ක බද්දක් පැනවීය. වසර පහක කාලසීමාවක් දක්වා එය ක්‍රියාත්මකය. මෙම බාර්ලි ගනුදෙනුව එසේ මෙසේ ගනුදෙනුවක් නොවෙි. එහි ස්වාභාවය ඩොලර් බිලියන් ගණන් වලිනි. ඔස්ට්‍රේලියානු සමස්ත බාර්ලි නිෂ්පාදනයෙන් හරි අඩක් ගන්නේ චීනයයි. 2018 බාර්ලිවලට පමණක් චීනය ඔස්ට්‍රේලියාවට ගෙවු මුදල ඩොලර් බිලියන 1.5 කි. ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වනු ලබන මුලු වෙළද භාන්ඩ වල මුල්‍යමය වටිනාකම ඩොලර් බිලියන 135 කි. චීනය මෙි කරමින් සිටින්නේ විවේචනයට ප්‍රතිචාර වශයෙන් ඕස්ට්‍රේලියානු ආර්ථිකයෙන් ඩොලර් බිලියන 135 ක් අතුගා දැමිය හැකි වෙළඳ දඩුවමක් ගැන අනතුරු ඇඟවීමය.
අද චීනය බලා ගිය සිය වෙළද නැවි ආපසු හරවාගත් බව ඔස්ට්‍රේලියාවෙි වෙළද ඇමති සයිමන් බර්මින්හැම් පවසා තිබිණි.

ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “ඕස්ට්‍රේලියානු බාර්ලි සඳහා තීරුබදු  පැනවීමට චීනය ගත් තීරණය ගැන ඕස්ට්‍රේලියාව දැඩි කලකිරීමට පත්ව සිටින බවයි ‘‘ “අපි මෙම තීරණයෙහි පදනම ප්‍රතික්ෂේප කරන අතර ඊළඟ පියවර සලකා බලන අතරතුර සොයාගැනීම්වල තොරතුරු තක්සේරු කරන්නෙමු.‘‘ යනුවෙනි.

උපාලි ජයසිංහ 

Leave A Reply

Your email address will not be published.

4 × 4 =