කාලිංග ඉන්ද්‍රතිස්ස නීතීඥ සංගමයේ සභාපති ධුරයට

72

ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරයට පත්ව තිබේ. 2019 – 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට සභාපතිවරයකු සහ ලේකම්වරයකු පත් කරගැනීමේ ඡන්ද විමසීම අද (20) පැවැත්විණි.

දිවයින පුරා නීතීඥවරුන් 15,806 දෙනෙකු මේ සඳහා ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා සිටි අතර අද පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා ඡන්ද විමසීම සිදු කරන ලදී.

වසර 33ක් නීතී ක්ෂේත්‍රයේ නියැළී සිටින කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පසුගිය රාජපක්ෂ රජය යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ලෙස ද ක්‍රියා කළේය.  සුප්‍රසිද්ධ මහබැංකු බැඳුම්කර නඩුවේ අර්ජුන් ඇලෝෂියස් වෙනුවෙන් පෙනී සිටින ලද්දේ ද කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාය.

Previous articleඅඩුම තරමින් නිමලරාජන්,නඬේසන් සහ සිවරාම් ගැන සොයන්න
Next articleගුරු, විදුහල්පති ගැටළු වහා විසඳනු – යාපනයේදීත් විරෝධතා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here