කුලවාදීන්ට ආගමිවාදීන්ට රන් පදක්කමිවලින් උත්තර දුන් ‘‘ මම කුල්සූම් හසාරා ‘‘

 

කුල්සුමි හසාරා Kulsoom Hazara

 

පකිස්ථානයේ 27 හැවිරිදි කුල්සූමි හසාරා ඇගේ ප්‍රතිවාදී ඉංදියානු ක්‍රීඩිකාවට බිම වැටෙන්නට වෙිගවත් පා පහර දෙකක් දීමෙන් සටන අහවර කළාය. එයද ඉන්දියානු සටන්බිමකය. නවදිල්ලියේ ක්‍රීඩා පිටිය තුළ පාකිස්තානයේ ජාතික ගීතයේ වාදනය පසුබිමින් ඇසෙද්දී කුල්සූම් හසාරා සිය රන් පදක්කම තදින් අල්ලා ගත්තාය. ඒ ඇයගේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කමයි. ඇයට ඇගේ මස්සිනා සිහිවිය. මෙි සිහිනය දකින්නට ඇයව කදවාගෙන ආවෙි ඔහුය. ඔහු ඇගේ මනස මෙි සදහා උඩුයටිකුරු කර තිබිණි. එහෙත් ඇගේ සිහිනයේ උත්කර්ෂය විදින්නට අද ඒ මිනිසා මෙතැන නැත. නිකායික කුලවාදීන් ඔහුව ඝාතනය කර තිබිණි.

කුල්සුමි හසාරගේ කතාව ඇය පකිස්ථානයට පිට පිට දිනාදුන් ජාත්‍යන්තර රන් පදක්කමි විතර ලස්සන නැත. එමෙන්ම එය දිස්නයෙන් තොරය. කඩතොලුය, අඳුරුය.

නිකායික ආගමිවාදීන්ගෙන් බෙිරීමට කරාතේ

කුල්සූම් පාකිස්තානයේ හිංසනයට මුහුණ දී ඇති හසාරා නැමති සුළුතර ප්‍රජාවට අයත් දැරිවියකි. ඔවුන් ජීවත්වුයේ පකිස්ථානයේ හසාරාවරු මිලියන භාගයකට වඩා වැඩි සංඛ්‍යාවක් වාසය කරන ඉරානයට මායිම්ව පිහිටි බලුකිස්තාන් පළාතේ ය. සංඛ්‍යාලේඛනවලට අනුව 1990 දශකයේ අග භාගයේ සිට 2012 දක්වා අවම වශයෙන් හසාරාවරු 1,500 ක් නිකායික ආගමිවාදී ප්‍රහාරවලින් මිය ගොස් ඇත. 2012 සිට 2017 දක්වා ඝාතනය කර ලැබූ හසාරා ජාතිකයන් ගණන 500 කි. කුල්සුමි ජීවත්වූ ක්වෙිටා නගරයෙදී ඇගේ මව පිළිකාවකින් මියගියාය. ඉන් වසර 5 කට පසු ඇගේ පියාද ඒ මාර්ගයේම ගොස් තිබිණි. හුදෙකලා වු පුංචි කෙල්ලට පිහිට ට හිටියේ ඇගේ මස්සිනාවූ සර්වර් අලිය. ඔහු ඇයව මෙි ප්‍රචන්ඩ නගරයෙන් බෙිරාගෙන පකිස්තානයේ කරචිචි වෙත ගෙන ගොස් තිබිණි. එහිදී ඔහු ඇයට මෙි ඊණියා නිකායික ආගමිවාදීන්ගෙන් බෙිරී සිටීමට නමි ඇගේ ආත්ම ආරක්ෂාවට පිරිමියෙකු මෙන් කරාටෙි ඉගෙන ගතයුතු යැයි බල කළේය. පකිස්ථානය යනු ඉස්ලාමි දහම අදහන ගැහැණිය විවෘත සමාජයට නොබැසිය යුතුයැයි තීරණය කළ බහුතරයක් වෙසෙන ජන සමාජයකි. එහෙත් ඔහු ඒවා තඹයකට මායිමි නොකර ඇයට කරාටෙි ඉගැන්වීය. මුලු කරාටෙි පන්තියේම සිටියේ පිරිමිය. ගැහැණියට සිටියේ ඇය පමණි. කෙල්ල 2005 දී ඇගේ ප්‍රථම ජාතික රන් පදක්කම දිනා ගත්තාය.

මස්සිනා වෙඩි තබා ඝාතනය කරයි

ඇය ජාතික රන්පදක්කමි දිනූ පසුව නාදුනන පිරිමි කණ්ඩායමක් විත් හසාරා ජාතික ළමයින්ට කරටෙි උගන්වන එක නතර කළ යුතුයැයි අලීට තර්ජනය  කර තිබිණි. 2005 දී සර්වර් අලි කරච්චිහි මැන්ගෝපිර් ප්‍රදේශයේ හසාරා සිසුන්ට කරටෙි පුහුණුව ලබා දී ආපසු නිවස බලා යමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබී පසුව සොයාගත්තේය.

පල්ලිය ශබිද විකාශන යන්ත්‍රෙයන් ඔහුගේ මරණය ගැන දැනුමි දෙද්දී තරුණිය සිහිසුන්ව නිවසේ ඇද වැටී ප්‍රදේශවාසීන් විසින් රෝහල් ගත කර තිබිණි. කෙසේ වෙතත් ගුලිස්තාන්-ඊ-ජවුහාර් හි අලිගේ කරාතේ සමාජය වසා දැමීම නිසා කුල්සූම්ගේ ජීවිතය උඩු යටිකුරු විය. ඇය කරාටේ වෙතින් හැරී යනවා වෙනුවට, දිගටම සටන් කරමින් ඇගේ උපදේශකයාගේ සිහිනය සැබෑ කර ගැනීමට වුවමනා ධෛර්ය ගොඩනගමින් සිටියාය. ඇය නිවසේ සිට තනිවම පුහුණු විය. ඇයගේ පුහුණුව දිගටම කරගෙන යාමට සින්ද් පළාතේ නිලධාරීන්ගේ සහාය ලැබුණි. රටවල් 44 ක සහභාගීත්වයෙන් 2005 දී ඉරානයේ පැවති ඉස්ලාමීය කාන්තා ක්‍රීඩා උළෙලේදී කුල්සූම් පදක්කමක් දිනා ගැනීමට අසමත් විය. නමුත් පරාජය ඇගේ අභිලාෂයන් හීන කළේ නැත.

ජාත්‍යන්තර වේදිකාවට

සින්ද් කරාතේ සංගමයේ ලේකම් අබ්දුල් හමීඩ් විසින් පවත්වාගෙන යනු ලබන කරාතේ සමාජ ශාලාවක ඇය නැවත පුහුණුවීම් ආරම්භ කළාය. ඒ ක්‍රීඩා සමාජය කල්ලි යුද්ධවලට ප්‍රකට ක්‍රීඩා සමාජයකි. එහෙයින් ඔවුහු නිකායිකවාදීන්ට බිය වුයේ නැත. ප්‍රචණ්ඩත්වයේ උච්චතම අවස්ථාවෙහිදී පවා, කුල්සූම් සමාජ ශාලාවේ දිගටම පුහුණුවීම් කළාය. අවම පහසුකම් සහිත, පහත් ලී බිම, ඉරිතලා ඇති බිත්ති සහ ප්‍රමාණවත් ආලෝකකරණයක් නොමැති තැනකදීත් අවසානයේදී කුල්සූමි 2010 ඩකා නුවර පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම් දෙකක් ලබා ගනිමින් ජාත්‍යන්තර වේදිකාවට පැමිණියාය.

තරුණයන්ගේ උන්මාදය ඇයයි

කුල්සූම්ගේ දීප්තිමත් රංගනය 2015 නවදිල්ලියේ පැවති දකුණු ආසියානු කරාතේ ශූරතාවලියයි. ඇය එහිදී රන් පදක්කම්  එකක් හා රිදී පදක්කමක් දිනාගත්තාය. ඇය ශ්‍රී ලංකාවේ පැවති 2017 දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී රන් පදක්කමක් ද දිනා ඇති අතර 2019 නේපාලයේ කත්මණ්ඩු නුවරදී මෑතකදී අවසන් වූ 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ඇය රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගත්තාය. ජාතික හා ජාත්‍යන්තර රන්රිදී පදක්කමි කුසලාන ගොඩ ඇය තබා ඇත්තේ සිය මස්සිනාගේ ඡායාරුපවලින් වටවූ වීදුරු අල්මාරියක් තුළය.

දැන් පකිස්ථානයේ තරුණයන්ගේ උන්මාදය ඇයයි. පා පහරක් ලැබ නහය කැඩී තිබියදී පවා ඇය යන යන නගරයේ හසාරා ! හසාරා ! යනුවෙන් ඔල්වරසන් දෙමින් පිළිගැනීමට මල්පොකුරු ගත් මිනිසුන් පෝලිමකි. කුල්සූමි හසාරා යනු පකිස්ථානයට පිට පිට රන් පදක්කමි 3 ක් රිදී පදක්කමි දෙකක් දිනාදී පකිස්තානය කුසලාන වලින් නැහැවූ ජාත්‍යන්තරව ඔසවා තැබූ යුවතියයි.

උපාලි ජයසිංහ 

Leave A Reply

Your email address will not be published.

twelve − 12 =