එමිරේට්ස් යලිත් පියාඹයි

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් පියාසැරියන් නැවත දැමූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘එමිරේට්ස්’ ගුවන් සේවය මැයි 21 වැනිදා සිට ලොවපුරා නගර නවයකට යලි ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

එම නිවේදනයට අනුව ඩුබායි සිට ලන්ඩන්, හීත්‍රෝ, ෆ්‍රෑන්ක්ෆර්ට්, පැරිස්, මිලාන්, මැඩ්රිඩ්, චිකාගෝ, ටොරොන්ටෝ, සිඩ්නි සහ මෙල්බර්න් යන නගරවලට මුල් අවස්ථාවේදී ගුවන් ගමන් ආරම්භ කරන බවයි සමාගම සඳහන් කර ඇත්තේ. ඒ සමඟම බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව අතර සිටින සංචාරකයන්ට ද ගුවන් ගමන් සේවා සපයන බව එම සමාගම තවදුරටත් සඳහන් කළේය.

මෙම ගුවන් ගමන් වලදී ගුවන් මගීන් පිළිගනු ලබන්නේ ඔවුන්ගේ ගමනාන්ත රටවල කොවිඩ් 19 සඳහා වන සුදුසුකම් සහ ප්‍රවේශ නිර්ණායක අවශ්‍යතාවයන්ට අනුකූල වුවහොත් පමණි. ඩුබායි වෙත ආපසු යාමට අපේක්ෂා කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් සඳහා හඳුනාගැනීමේ සහ පුරවැසිභාවය සඳහා වූ ෆෙඩරල් අධිකාරියේ (ICA) අනුමැතියද මෙයට ඇතුළත් ය.

එමිරේට්ස් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ඇඩෙල් අල් රෙඩා පැවසුවේ  “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙම නගරවලට මෙන්ම එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව අතර ගනුදෙනුකරුවන්ට ගමන් කිරීමට වැඩි විකල්පයක් ලබා දෙමින් මෙම ගමනාන්ත වෙත නියමිත මගී සේවා නැවත ආරම්භ කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. අතිරේක ගමනාන්ත වෙත මෙහෙයුම් නැවත ආරම්භ කිරීම සැලසුම් කිරීම සඳහා අපි බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන්නෙමු. සමාජ දුරස්ථභාවය හා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් අපි ගුවන් තොටුපලේ අතිරේක ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇත්තෙමු. අපගේ සේවකයින්ගේ, ගනුදෙනුකරුවන්ගේ සහ ප්‍රජාවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම අපගේ ප්‍රමුඛතාවයයි… ” යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.

8 + 13 =