බලන්න….බලාගෙන වැටෙයි

 

කොරෝනා එක්ක නාට්‍ය, චිත්‍රපටි කරපු කලාකාරයො තමයි නන්නත්තාරම වුණේ වගේ ෆීලිං එකක් මට මුල් කාලේ තිබ්බා. ඒ වගේ දෙයක් මගේ වෘත්තියේ නියැළිලා ඉන්න බොහෝ අයටත් දැනෙන්න ඇති. අර්ථික වශයෙන් දැනුණ දරුණු පහරට අමතරව මේ තත්ත්වය තුළ අපි නිමග්න වෙලා ඉන්න කලා භාවිතය ඇතුළේ නිර්මාණ කරන්නේ කොහොමද කියන උභතෝකෝටිකයත් අපිව උකටලී කරා. අපි කරන වැඩ තියෙන්නෙ නාට්‍ය, ටෙලි නිර්මාණ, චිත්‍රපටි අතරෙනෙ. ඒවා පිරිසක් එකට එකතුවෙලා, එක තැනකට රොක්වෙලාම කරන්න ඕනේ දේවල්. එහෙම තමයි මෙතුවක් ගලේ කෙටිලා තිබුණෙ.

ලොක් ඩවුන්, දින නියමයක් නැති curfew මැද්දෙ අපි අවලංගුයි වගේ දැනුණා.

මේ ඛේදවාචකය අස්සේ හිත එකලසක් කරගන්න පුළුවන් වෙච්ච ලේඛකයො, කවියො, සිත්තරුවො, සංගීතඥයො එක එක දේවල් කරන්න ගත්තා.

Extreme Social Distancing සීමාවන් එක්ක, ෆිල්ම් කාරයො, නළු නිළියො, පිටපත් රචකයො, සංස්කාරකයො හැටියට, ගෙවල් වල ඉදගෙන (working from home) අපිට කරන්න පුළූවන් වැඩ මොනවද කියලා තැන තැන කසු කුසුත් පටන් ගත්තා. එක එක අදහස් යෝජනා සාකච්ඡා වුණා. ඒත් කොතන හරි සීමාවක ඒවා හිරවෙනවා.

මේ අතරෙදි තමයි අශේක හඳගම දවසක් කෝල් කරන්නෙ. Zoom වලින් ෂුට් කරන short film එකක් ගැන කියන්නෙ. Zoom වලින් film???

හඳගම කවදත් මොළකාරයා

වැහි සීරාවක් වැටිලා සනීපයක් දැනුණා! හා අයියේ කරමු කරමු කියලා පණ ගහල ගසා බසා දාලා නැගිට්ටට, කොයි විදියට කරන්න යනවද කියල හිතා ගන්න බැරි වුණා. Zoom කියන්නේ මේ දවස්වල Working from home කරන, Office වල වාඩිවෙලා වැඩ කරන අය ‍ බෝරිං ගෲප් මීටිං තියන ඇප් එකක් කියල මං දැනං හිටියෙ. අශෝක අයියා කවදත් මොළකාරයා, වැඩ කරයා. බලමු මේ සැරේ මොන විදියේ මාලක්කමක්ද කියලා.

ඊමේල් කරපු පිටපත දැක්කම මම එතනම වැටුණා. අශෝක අයියගෙ අර අමුතු, ආස්වාදනීය ලියවිල්ල. Falling in Love. ලොකු philosophy එකකුත් පසුබිමේ තියාගෙන ලියපු ආදරේ වැටීම ගැන පැටලිල්ලක්.

මමයි, සමනලී ඉන්ද්‍රචාපා දෙන්නයි, රුක්මාලුයිලු. ඒ කොණේ මේ කොණේ. එක්කෙනෙක් සාගර දෙකකිනුත් එහා. Social distancing හරියටම ආරක්ෂා කරගෙන, ඇදිරි නීති අකුරට රකිමින් විනය ගරුකව කරන්න යන ෂුටිං එකක්. අශෝක අයියා ගැන විශ්වාසය තියාගෙන අපි කියන දේ කරන්න ලෑස්ති වුණා. Multi-talented රුක්මාල් ඇටුත් කරලා, රෙකෝඩුත් කරලා එඩිටුත් කරන්න බාර අරගෙන. මෙල්බර්න් වල ඉන්න අමල් සහ ශෂීනි එයාට සහයට. තරණී, අශෝක අයියගෙ Assistant.

මමයි සමනලීලයි කොහොම හරි Zoom ඩවුන්ලෝඩ් කරගත්තා. අපි දන්න Zoom එකක් නෑනේ බං අක්කේ. ‘අනිත් එක මේ මං කොහොමද අනේ ඇක්ට් කරන්නෙ?’ චාපා. ( ඉන්ද්‍රචාප කොහොමද ඇක්ට් කරන්නේ කියලා Beer Without Alcohol බලපු අය දන්නවා) රුක්මාල් කීප වතාවක් කතා කරලා පිළිවෙලට එකින් එකට සරළ තාක්ෂණික උපදෙස් දුන්නා. කලින් දවසේ අශේක අයියත් එක්කම අපි කට්ටියම Zoom කරා. ටෙස්ට් එකක් වගේ, Location, lighting conditions එහෙම බැලුවා. බොන බීම සොයා ගැනීමේ නැතිනම් මවා ගැනීමේ සිට සියළු කලා අධ්‍යක්ෂණ කටයුතුත්, ලෑම්ප් ෂේඩ්, ටෝච් පාවිච්චි කරමින් ලයිටිං කර ගැනීම ඇතුළු ගෙදර ඉන්න බල්ලො සයිලන්ස් කර ගැනීම දක්වා වගකීම් ඇක්ටර්ස්ලට පැවරුණා.

ඒක අමුතුම ෂූටිං අත්දැකීමක්!

ෂූටිං දාගත්තෙ රෑ. රුක්මාල්ට මහම රෑ. වැඩේ පටන් ගත්තට පස්සෙ එක එක ටෙක් ප්‍රශ්න ආවා. මගේ ලැප්ටොප් එක බාල බොළද එකක් නිසා ඒකෙන් වැඩේ කරන්න බෑ කිව්වා. කොලිටි නෑ. මොබයිල් ෆෝන් එකෙන් කරන්න බැලුවා. රුක්මාල් කිව්වා එයා Frame Size ප්‍රශ්න හදාගන්නං, මොබයිල් එකෙන් කියලා. ඒ මදිවට Wifi එක ලෙඩ. ඒ පාර මොබයිල් ඩේටා දැම්මා. සේරම කරගෙන ලෑස්ති වෙනකොට සමනලීලගෙ පැත්තෙ ලයිට් කපලා! ඒ දෙන්නා එනකං රුක්මාලුයි මායි වැඩ කරා. ඒක අමුතුම ෂූටිං අත්දැකීමක්! අශේක අයියා Zoom එකේම උපදෙස් දුන්නා. අපි පිටපතේ අංක සහිතව ලියලා තිබුණ ෂොට් එකෙන් ෂොට් එක කරා. කතා කරන කෙනාට රාමුව මාරු වෙන ක්‍රමයක් Zoom එකේ තියෙන නිසා රංගන ශිල්පියාම ඇක්ෂන් විධානය දෙන්න ඕනේ.

සමනලීගෙ සහ චාපා ගෙ බහුවිධ හැකියාවන් මේ වැඩේදි ලොකු ආලෝකයක් වුණා. අශෝක අයියා ඒ තෝරාගැනීම කරන්නෙම ඒ ගැන සංවිඥානිකව වෙන්න ඇති. මේ වෙලාවේ හැටියට, Actor, Music Composer, Vocalists, භූමිකා තුන හතරම හොඳටම කරන්න පුූලුවන්, ඒ මදිවට එක ගෙදරක ඉන්න දෙන්නෙක් ඕනේ. සීමිත සම්පත්, උපරිම උපයෝගීතාව. හැමදේම අරපිරිමැස්මට ගාණට සැලසුම් වෙලා තිබුණා.

මේක අමුතු දෙයක්

කොහොම හරි පැය කීපෙකිං ෂූටිං වැඩේ ඉවර වුණාට පස්සෙ අශෝක අයියා මට කියලා එව්වා ‘මේක අමුතු දෙයක්. It is an inspiring experiment, for someone else to perfect the concept and technique.’

Indeed, it was an inspiring experiment during Lock down!

පෙරේදා චිත්‍රපටියෙ Premier එක තිබ්බා Youtube එකේ. අපි හිටියේ බලන්න කොහොම ඇවිල්ල ඇතිද ඒ වැඩේ කියලා. මොනව වෙලා ඇතිද කියලා. දවල් අශෝක අයියා කියලා තිබුණා වැඩේ හොඳට එනවා වගේ කියලා. හැමදේම පළවෙනි වතාවටනෙ වුණේ….ලෝකේම Zoom වලින් චිත්‍රපටියක් කරාම වෙන්නත් ඇති.

අද බලනකොට Beer Without Alcohol වලට සෑහෙන ප්‍රතිචාරත් ලැබිලා!
මට කියන්න ඕනේ වුණේ, මේ අඳුරු ව්‍යාකූල කාලයේ, අතේ ඇති සීමිත සම්පත් වලින් කරන්න පුළුවන් වැඩක් විදියට මේ Zoom චිත්‍රපටිය ඉතා විශේෂයි කියන එකයි. තැන් තුනක හිරවෙච්ච තුන් දෙනෙක් යොදාගෙන කරන්න පුළුවන් විදියේ හොඳම පිටපතක් ලිවීමේ සිට,(ඒ පිටපත ගැන මහාචාර්ය අමරකීර්ති ඇතුළු බොහෝ දෙනෙක් ගැඹුරින් කතා කර තිබුණා. ) තාක්ෂණික අභියෝග මැද්දේ, සිය නිර්මාණය හැකි උපරිමයෙන් ගොඩනගානැගීමට, සූක්ෂම ලෙස නිර්මාණාත්මක පරිකල්පනය මෙහෙයවීම අතින් අශෝක හඳගම විශිෂ්ටයෙක් බව නැවත නැවතත් ඔප්පු කරමින් සිටින බව කියන්නටයි.

දීපා මේතා හඳගමට එවා තිබූ පෞද්ගලික පණිවුඩය

ලොක් ඩවුන් කාලයේ ලොක් වී සිටීමට අවශ්‍ය නැති බව මුලින්ම ඔප්පු කර පෙන්නූ සිනමාකරුවා ඔහු. ඇත්තටම ඔහු ඒ අතින් මාර තරුණයෙක් කියලා මට හිතුණා! Innovative, Brave, Adventurous, extremely hopeful, futuristic……full of Imagination.

මේ පර්යේෂණාත්මක වැ‍ඩේ ඇතුළෙ පෙම්වතියක් වෙන්න ලැබිච්ච එක මට ආස්වාදනීය අත්දැකීමක්. This will make the way for a new form of Lockdown Cinema!

Alcohol Without Beer බලපු දීපා මේතා සිනමාවේදිනිය අශෝක හඳගමට එවා තිබූ පෞද්ගලික පණිවුඩයක අවසන් වාක්‍යය මෙහි සටහන් කරන්නේ, ඔහුට කරන ගෞරවයක් හැටියටයි.

-නදී කම්මල්ලවීර

Leave A Reply

Your email address will not be published.

one × three =