ශ්‍රී ලංකා ක්‍රිකට්: යලිත් පුහුණුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුව පටන් ගනියි

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මෙතෙක් කලක් නැවතී තිබූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ පුහුණුවීම් ලබන 15 වැනිදා සිට යළිත් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සුදානම් වෙයි. එහෙත් ඊට පෙර සෞඛ්‍ය  ආරක්ෂිත ක්‍රියා මාර්ග අනුගමනය කරමින් නේවාසික පුහුණුවක් වශයෙන් පුහුණුවීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඒ අතර පුහුණුවට නියමිත ක‍්‍රීඩයන්ව පී.සී.ආර්. පරීක්ෂණයනට යොමු කිරීමට කටයුතු යොදා තිබේ.

නව සැලැස්මකට අනුව කෙරෙන මෙම පුහුණුවීම් සඳහා පළමුව වේග පන්දු යවන්නන් සහ තුන් ඉරියව් ක‍්‍රීඩකයන් කැඳවනු ඇති පැවසේ.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සහ ඉන්දියා සහ බංග්ලාදේශ තරගාවලි වෙනුවෙන් ශ‍්‍රී ලංකා පිල මෙසේ පුහුණුව අරඹනු ලබන බවයි පැවසෙන්නේ. බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය පසුගියදා ප්‍රකාශ කර තිබුණේ සිටියේ ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය  තත්ත්වය යහපත්නම් සිය කණ්ඩායම  ජූලි මාසයේදී ශ‍්‍රී ලංකා තරග සඳහා සහභාගිවන බවයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු මිකී ආතර් සිය නව පුහුණු සැලැස්ම පිළිබඳව මාධ්‍ය වෙත පවසා ඇත්තේ මේ වසරේදී වඩාත් වැඩිපුර ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති බවයි. පැහදිලිවම මෙහිදී පෙරට වැඩ වැඩි සැලකිල්ලක් ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය පිළිබඳව තැබිය යුතු බවයි ඔහුගේ අදහස ප්‍රේක්ෂකයන් නොමැතිව ක්‍රීඩා කිරීමට සියල්ලන්ම එකඟ විය යුතු යයි ඔහු පවසා තිබිණි.

දැනට පවත්නා තත්වය අනුව මෙතෙක් කලක් ශ‍්‍රී ලංකා පිල පුහුණුවීම් කළ කොළඹ ආර්. ‍ප්‍රේමදාස ක‍්‍රීඩාංගණය වෙනුවට එස්.එස්.සී. සහ එන්.සී.සී. ක‍්‍රීඩාංගණවල පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව තිබේ. පුහුණුවට පෙර මෙම ක්‍රීඩාංගණ විෂබීජ හරණය කරමින් ආරක්ෂිත ක‍්‍රමයකට පුහුණුවීම් ක්රිමටයි සැලසුම් කර ඇත්තේ. ඒ සමඟම ක‍්‍රීඩකයන්ව නේවාසිකව ආරක්ෂාකර ගැනීමටද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අවධානය යොමුකර තිබේ.

මැයි 15 වැනිදා ආරම්භක පුහුණුවීම් අවස්ථාව සඳහා දැනටමත් ක‍්‍රීඩකයන් අට දෙනෙකු සහභාගි වීමට නියමිතයි. ඒ සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප්, ළහිරු කුමාර, කසුන් රාජිත, විශ්ව ප‍්‍රනාන්දු, ඉසුරු උදාන, වනිඳු හසරංග සහ දසුන් ශානක ය. ඉන් අනතුරුව දිමුත් කරුණාරත්න සමඟ පිතිකරුවන් පුහුුණුවීම්වලට පැමිණීමට නියමිතව තිබේ.

Leave A Reply

Your email address will not be published.

three × five =