සිම්බාබ්වේ රන් පතලක අනතුරකින් කම්කරුවන් 23ක් මරුට

56

සිම්බාබ්වේ රන් පතලක් තුළ සිරවී පුද්ගලයන් 23 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

හරාරේ අගනුවර සිට කිලෝමීටර් 145ක් නිරත දිගින් පිහිටි ප්‍රදේශයක පවත්වාගෙන ගිය නීති විරෝධී රන් පතලක මෙම අනතුර සිදුව ඇත.

ප්‍රදේශයේ හටගත් ගංවතුර තත්වයක බලපෑමෙන් පතල තුළ රන් කැනීමේ නිරතව සිටි කම්කරුවන් පිරිසක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

පොම්ප භාවිත කරමින් ජලය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රන් නිෂ්පාදනයේ ප්‍රධාන රටක් වන සිම්බාබ්වේ පසුගිය වසරෙහි රන් ටොන් 33ක් නිපදවා ඇත. ඉන් 60%ක් පමණ නිෂ්පාදනය කර ඇත්තේ නීති විරෝධී සහ කුඩා ප්‍රමාණයේ පතල් කරුවන් විසිනි.

Previous articleවෙනිසියුලානු විපක්ෂ නායකගේ ඉල්ලීම ඉටු කිරීමට ඇමෙරිකාව සූදානම්
Next articleඡන්ද විමසීමට පැය 5කට ‌පෙර නයිජීරියානු ජනාධිපතිවරණය කල් දමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here