ඇමරිකා – රුසියා න්‍යෂ්ටික මිසයිල ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වේ

න්‍යෂ්ටික මිසයිල පිටුදැකීම සඳහා රැසියාව සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුමෙන් ඉවත්වන බව ඇමරිකාව නිවේදනය කර තිබේ.

රුසියාව එම ගිවිසුම කඩකර ඇතැයි ඇමරිකාව පවසයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය ප්‍රකාශ කරමින් රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කියා සිටියේ රුසියානු පාර්ශ්වය ගිවිසුම කඩකර ඇති බැවන් තමන් ඉන් ඉවත්වීමට තීරණය කළ බවයි.

1987 වසරේ න්‍යෂ්ටික මිසයිල පිටුදැකීම සඳහා වන ඵෙතිහාසික ගිවිසුමකට ඇමරිකාව හා සෝවියට් දේශය එක්වූ අතර ඒ සඳහා අත්සන් තබා ඇත්තේ ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් සහ සෝවියට් දේශයේ නායක මිහායිල් ගොර්බචොෆ් විසිනි.

ගිවිසුමේ සඳහන්ව ඇත්තේ කිලෝමීටර් 5500 දක්වා දුරකට එල්ල කළ හැකි මිසයිල අත්හදාබැලීම සහ නිෂ්පාදනයෙන් වැලකී සිටින බවයි.

Leave A Reply

Your email address will not be published.

3 × 1 =