කාෂ්මීරයේ ප්රහාරකයන්ට එරෙහිව ඉන්දියාව සම්බාධක ඉල්ලයි
ඉන්දියාවේ විශේෂ පොලිස් බලකායට අයත් හමුදා බස්රථයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් පසු ඡයිෂ් – ඊ – මොහොමඩ් සටන්කාමීන්ට එරෙහිව සම්බාධක පනවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයෙන් ඉන්දියාව ඉල්ලීමක් කර තිබේ.
ඊයේ(14) කාෂ්මීරයේදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 13 දෙනෙකු තුවාල ලැබූහ.
1989 වසරේ සිට කාෂ්මීරයේ ඉන්දියානු පාලනයට එරෙහිව කැරලි ආරම්භ වූ අතර මෑත දශකයේ ඉන්දියානු හමුදාවන්ට එල්ලවූ දරුණුම ප්රහාරය මෙය වේ.
කෙසේ වෙතත් ප්රහාරයේ වගකීම පාකිස්තානය භාරගත යුතු බවට සිදුකරන සියලුම ප්රකාශ පාකිස්තාන රජය ඉවත දමන අතර ප්රහාරය සම්බන්ධව දැඩි කණස්සල්ල පළකර තිබේ. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ලොව පුරා පවතින සංවිධාන රැසක් ප්රහාරය සම්බන්ධව කණස්සල්ල පළකර තිබේ.
ප්රහාරයෙන් අනතුරුව පාකිස්තාන තානාපතිවරයා කැඳවා ප්රහාරය සම්බන්ධව පාකිස්තානය සොයා බැලිය යුතු බව ඉන්දීය විදේශ ලේකම්වරයා පවසා තිබේ.