රැකියා ලබාදීමේදී බාහිර උපාධියට ‌වෙනස්කමක්

බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව මගින් අද(12) මරදාන CSR හිදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

එහි දී රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට විරෝධය දැක්වීම හා රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා ලබා ගැනීමේ ඇති ගැටලු සම්බන්ධව සාකච්චා කෙරිනි.

මාධ්‍ය හමුව අමතමින් ඔවුන් පවසා සිටියේ බාහිර උපාධිය කප්පාදු කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට තමන් විරෝධය දක්වන බවයි. එමෙන්ම ආණ්ඩුවේ එම ක්‍රියාවලිය පරාජයට පත් කිරීමට බාහිර උපාධි සුරැකීමේ ආචාරය සංගමය ලෙස සක්‍රියව දායක වන බවද ඔවුහු පැවසීය.

මෙම අවස්ථාවට බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුවේ කැදවුම්කරු මහේෂ් අබේපිටිය මහතා, බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුවේ සාමාජික අසංක ගොඩකන්ද මහතා, බාහිර උපාධි ආචාර්යවරුන්ගේ සංසදයේ සභාපති මනෝජ් සංජීව මහතා එක් විය.

Leave A Reply

Your email address will not be published.

twelve + eight =