වතු කම්කරු ගැටළු සම්බන්ධයෙන් වතු වෘත්තීය සමිති රැසක් ජවිපෙ සමග සාකච්ඡා කරයි
කෑගල්ල දිස්ත්රික්කයේ, තුන් කෝරළයේ වතු වෘත්තීය සමිති නායකයන් රැසක් පැලවත්තේ පිහිටි ජවිපෙ මුලස්ථානයට පැමිණ පක්ෂ නායක අනුර දිසානායක මහතා හමුවී තමන් මුහුනදෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
තම ගැටළු සඳහා විසඳුම් ලැබෙනතුරු ජවිපෙ සමග ඉදිරි සටන්වල එක්ව කටයුතු කිරීමටත් ඔවුන් එම සාකච්ඡාවේදී තීරණය කර ඇත.
එම සාකච්ඡාව සඳහා කෑගල්ල දිස්ත්රික් ජවිපෙ නායක ගාමිණී රත්නායක මහතාද එක්වී සිටියහ.