මන්නාරම් සමූහ මිනීවලේ කාල නිර්ණ වාර්තාව එයි

71

මන්නාරම සමූහ මිනීවලේ කාබන් කාල නිර්ණ වරාර්තාව ඊයේ(15) පස්වරුවේ ලැබුණු බව මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව අදාල වර්තාව ලබන බදාදා(20) දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පසුගිය ජනවාරි මස 25 වැනිදා මන්නාරම සමූහ මිනීවලෙන් ලබාගත් අස්ථි සාම්පල ඇමරිකාවේ ෆ්ලොරිඩාහි පිහිටි බීටා ඇනලිටික්ස් ආයතනය වෙත යැවූ අතර එම සාම්පලවලට අයත් කාල නිර්ණ වාර්තාවේ ඊ පිටපතක් ඊයේ දිනයේ ලැබී තිබේ.

එම වාර්තාවේ දෘඩ පිටපත ඉදිරියේ දී ලැබීමට නියමිතව ඇත.

මන්නාරම මහේස්ත්‍රාවරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්,පුරාවිද්‍යාව පිළිබද විශේෂඥ කැළණිය විශ්ව විද්‍යල ජේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා,අතුරුදහන්වූවන් පිළිබද කාර්යාලයේ නියෝජිතයින්, රාජයේ රස පරීක්ෂක නිළධාරීන්, මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්, රජයේ නීතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපස අදාළ කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත වු අස්ථි කොටස් සාම්පල විනිවිද භාවයකින් යුතුව ලබා ගැණින.

මේ වනවිට සමුහ මිනී වළෙන් හමු වී ඇති ඇටසැකිළි සංඛ්‍යාව 321 ක් වන අතර ඉන් 307 ක් ගොඩගෙන ති‍බේ. ඉන් 26 ක් ළමයින්ගේ ඇටසැකිළි බව සමින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

වාර්තාවේ අඩංගු දත්ත පිළිබඳ මෙතෙක් මාධ්‍යට අනාවරණය කර නොමැති අතර මෑත කාලයට අයත් අස්ථි කොටස් බවට සනාථ වී ඇත්නම්, අතුරුදන්ව ඇති බවට පැමිණිලි ඉදිරිපත්ව ඇති ඥාතීන්ගේ DNA සමඟ සැසඳා බැලීමක් සිදුකරන බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පසුගිය දා පැවසීය.

Previous articleමම සුදු වෑන් යොදාගෙන පුද්ගල පැහැරගැනීම් සිදු කළා – ගෝඨාභය
Next articleආරක්ෂක මූලස්ථාන වංචාවෙන් ගෝඨා රකින්න මෛත්‍රීගෙන් කැබිනට් පත්‍රිකාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here