මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රජයේ ඔත්තු සේවා මගින් ‘ප්රශ්න කිරීම සඳහා’ ඇතැම් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට සුදු වෑන් භාවිතා කළ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් පළමුවරට පිළිගෙන තිබේ.
ඒ ‘ඩේලි මිරර්’ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
“සැකකරුවකු ප්රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්නේ ඒ වගේ ක්රම හරහායි…. ඒක මම හඳුන්වලා දුන්න දෙයක් නෙවෙයි. මේ ක්රමවේදයන් ලෝකය පුරාම යොදාගෙන තියෙනවා. අපේ ඔත්තු සේවාත් සුදු පාට හයි ඒස් වෑන් රථ පාවිච්චි කරන්න ඇති. මම ඒක හඳුන්වලා දුන්නේ නැහැ. කලින් ආණ්ඩු යටතේත් ඒ දේවල් සිද්ධවුණා. මාව විතරක් තනියෙන් ඉලක්ක කරන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. 88/89 කාලයේදී වගේ නෙවෙයි. අපේ කාලයේ සිද්ධවුණේ භයානක ත්රස්තවාදීන්ගේ ක්රියා කලාපයන්ට එරෙහිව මේ ක්රම යොදාගැනීමයි.” යැයිද එහිදී ඒ මහතා ප්රකාශ කර ඇත.