නියං සහනාධාර නොදුන්නාට පොල්පිතිගම ගොවියෝ මානවහිමිකම් කොමිසමට පැමිණිලි කරති

51

පසුගිය කාලයේ නියඟයෙන් පීඩාවිඳි පොලිපිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවිජනතාව සඳහා අවශ්‍ය නියං සහනාධාර ලබානොදීමට එරෙහිව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු එම ප්‍රදේශයේ ගොවි ජනතාව නීතීඥ සුනිල් වටගල මහතා මගින් අද (14) දින මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.

එහිදි නාමල් කරුණාරත්න මහතා අවධාරණය කර සිටියේ පොලිපිත්ගම ප්‍රාදේශීය ලේකම්වරිය චක්‍රලේඛ උල්ලංඝණය කර ඇති බවත් වැරදි චක්‍රලේඛ අනුගමණය කර ඇති බවත්ය.

නිලධාරීන් තම සිතූ සිතූ පරිදි වැඩ කිරීම තුළින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ වැනෙනසුළු ස්වභාවය යැයිද එහිදී නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේය.

Next articleමම සුදු වෑන් යොදාගෙන පුද්ගල පැහැරගැනීම් සිදු කළා – ගෝඨාභය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here