වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය කුමාරිකාවකි !

ස්වීඩනයද ඉතිහාසයේ සිය බලය වෙනත් රටවල් යටපත් කරගැනීමට මෙහය වූ රාඡ්‍යයකි. අද බ්‍රිතාන්‍යයන් සිය රාඡකීයත්වයට ගෞරව දක්වන්නේ කෙසේද ස්වීඩන් ඡනතාවත් සිය රාඡකීයත්වයට අතිශය ගෞරවයෙන් සළකත්. එහෙත් ස්වීඩන් රඡ පවුල බ්‍රිතාන්‍ය එලිසබෙත් පරපුරට වඩා බොහෝ වෙනස්ය. ස්වීඩන් රඡ දරුවෝ සමාඡශීලිය. සාමාන්‍ය ඡනතාව අතරය. කො‍‍රෝනා වෛරස් වසංගතය හමුවෙි ඉතාමත් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරන යුරෝපයේ එකම රට එයයි. මරණ සංඛ්‍යාව 477 කි ආසාදියෝ 7200 කි. එහෙත් උසස් පාසැල් සහ විශ්වවිද්‍යාල වසා තිබියදී බාලාංශ පන්තිවල සිට උසස්පෙල දක්වා දරුවෝ තවමත් පාසැල්වලය. වැඩබිමි වසා නැත වෙළදසල් ආපනශාලා විවෘතය සියලු නගර සක්‍රියය.

මෙවන් අර්බුදකාරී හා විවෙිචනාත්මක පාරිසරික තත්වයක ඡනතාව හැසි‍‍රිය යුත්තේ කෙසේදැයි රඡ පවුල දිනපතා වීඩියෝ මගින් ඡනතාවට උපදෙස් දෙමින් පාරට බසිමින් ඔවුහු දැනුවත් කරමින් සිටිති.‍‍ මෙි ඡායාරූපවල සිටින්නේ ස්වීඩනයේ ඔටුන්න හිමි 42 හැවිරිදි වික්ටෝරියා කුමරියයි. ඇය මෙි වෙහෙසෙන්නේ තම ඡනතාව අතරින් නිවාස අහිමි පදිකවෙිදිකාවල ඡීවිතය ගත කරන අසරණයන්ට ආහාර වෙිලක් ලබා දීමටයි.

ඇය අප්‍රියල් දෙවැනිදා ඒ වෙනුවෙන් සිය ශ්‍රමය වැයකිරීමට ඇය මුදල් යොදවන ස්වීඩනයේ වැඩිහිටියන්ට සරණවෙන ස්ටොක්හෝමිස් නුවර Stadsmission පුන්‍යායතනය වෙත ගියාය. එකී පුන්‍යාතනයේ ස්වෙිච්ඡා සේවකයන් වෛරස් වසංගතයෙන් තමන්ව ආරක්ෂා කර ගැනීමට නිවෙස් තුලම රැදෙන බව ඇයට ආරංචි වී තිබිණි . ඉතින් ඒ සදහා සිය විසල් නිවසේ සේවකයන් නොඑවා කුමරියම එහි පැමිණියාය. අප මෙි දකින්නේ අසීමාන්තික සතුටකින් කෑම උයන පිහින ඒවා පාර්සල් කර බෙදන ඒ වික්ටෝරියා කුමරියයි

උපාලි ජයසිංහ

https://iknowallnews.com/…/swedens-princess-victoria-makes…/

පහත පළවන්නේ ඇයගේ මීට පෙර ඡයාරූප කිහිපයකි 

ඡායාරුප අන්තර්ජාලයෙන්

Leave A Reply

Your email address will not be published.

six + four =