බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට

කොවිඩ් 19 ආසාදනයවීමෙන් දින 10ක පමණ කාලයක් ස්වයං නිරෝධායනයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගේ තත්ත්වය අසාධ්‍යවීමෙන් ඔහු ලන්ඩන් හි ශාන්ත තෝමස් රෝහලේ, දැඩි සත්කාර ඒකකය වෙත ඇතුලත් කිරීමට සිදුව තිබේ.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා ස්වසන අපහසුතාවෙන් පසුවීම රෝහල් ගතකිරීමට හේතුව ලෙස ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් දින 10කට පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉරිදා (අප්‍රේල් 05) රෝහල් ගත කෙරුණු බව එරට අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය.

බ්‍රිතාන්‍ය රජයේ පරිපාලන කටයුතු මෙහෙයවීම විදේශ කටයුතු ඇමති ඩොමිනික් රබ් වෙත පැවරීමට අගමැතිවරයා විසින් කටයුතු කර තිබේ.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුලු ලොව පුරා රාජ්‍යනායකයින් රැසක් අගමැතිවරයාගේ ඉක්මන් සුවය පතා ඔහුට ආශිර්වාද එක්කර තිබුණි.

Leave A Reply

Your email address will not be published.

5 × four =