වෛරස් රෝගීන් වෙනුවෙන් බට්ලර්ගේ ජර්සිය

කොරෝනා වෛරසයට එරෙහි සටනට සහය වීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් සිය ක්‍රීඩා ජර්සියක් වෙන්දේසි කිරීමට කටයුතු කරයි.

2019 වසරේ පැවැති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායමේ සාමාජිකයකු වු බට්ලර් එම අවසන් මහ තරගයේදී ඇඳ සිටි ක්‍රීඩා ජර්සිය මෙලෙස වෙන්දේසියේ දමා ඇත.

29 හැවිරිදි බට්ලර් මේ අවසන් තරගයේදී අර්ධ ශතකයක් රුස්කළේය. සුපිරි පන්දු වාරය දක්වා ඇදී ගිය එම තරගයේ අවසන් පන්දුවෙන් නවසීලන්ත පිතිකරු මාර්ටින් ගප්ටිල් දුවද්දී දවා ගනිමින් එංගලන්තය ශූරතාව අත්කර ගත්තේය.

එම ඓතිහාසික තරගයෙන් ලෝක කුසලානය ජයගත් එංගලන්ත සංචිතයේ සියලුම සාමාජිකයන් විසින් අත්සන් තබා ඇති මේ ක්‍රීඩා ජර්සිය වෙන්දේසියෙන් ලැබෙන සියලුම මුදල් රාජකීය බ්‍රොම්ප්ටන් සහ හෙයර්ෆීල්ඩ් රෝහල්වලට ආධාර ලෙස ලබා දෙන බවයි බට්ලර් පවසා ඇත්තේ.

‘පසුගිය සතියේ රෝහල් දොකෙන් හදිසි ආයාචනයක් කළා. ඒ එහි නේවාසික කොරෝනා රෝගීන්ට පෙණහැලි සහ හදවත් ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන ජීවිතාරක්ෂක උපකරණ ලබා දෙන ලෙසට. ඉදිරි සති කිහිපය හා මාසවල දී ඔවුන්ට ඊටත් වඩා අපේ සහාය අවශ්‍ය වේවි.’යි වීඩියෝ පණිවිඩයක් සිය ක්‍රීඩා ලෝලීන් හමුවේ තබමින් බට්ලර් පවසා තිබුණි.

Leave A Reply

Your email address will not be published.

twenty − six =