“මහින්දල මාව බිල්ලට දුන්න” කිව්ව සජින් පොහොට්ටුවෙන් ඡන්දයට

7

“පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනා යටතේ පෙබරවාරි 27 සිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට මැතිවරණ නාමයෝජනා පත්‍රයට අත්සන් කිරීම සඳහා ලබන 12 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය අතරතුරදී අදාළ අංශ වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (06) වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.”,
“පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ට මැතිවරණ නාමයෝජනා පත්‍රයට අත්සන් කිරීම සඳහා ලබන 12 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය අතරතුරදී අදාළ අංශ වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (06) වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව පවසමින් නීතිඥ ජීවන්ත ජයතිලක කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර 05 ක කාලය තුළදී රුපියල් කෝටි 30 කට අධික මුදලක් උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් සජින් ද වාස් ගුණවර්ධන ට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණි.
එම නඩු විභාගය අතරතුරදී පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් කළ බවට නැඟුනු පැමිණිල්ලක් අනුව ඉකුත් පෙබරවාරි 27 දින විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන ලබන 12 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කර තිබිණි. සජින්, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට නියමිත බව පැවසේ.”
එහෙත් පසුගිය වකවානුවේ සජින් වාස් ගුණවර්ධන රාජපක්ෂ වරුන් ගේ පවුල් වලට වැඩකිරීමේ ආදීනව පිළිබඳව රටේ සියලු මාධ්‍ය ඉදිරියේ සියලු ලෝකවාසීන්ට පැවසු කාරනා පිළිබඳව අද පවසන්නේ කුමක්ද?.

“මහින්දට අවශ්‍ය වුනා පරම්පරාව ඉදිරියට ගෙනියන්න”
2019 නොවැම්බර් 06 දින සජින් වාස් ගුණවර්ධන මධ්‍යහමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ “මහින්ද රාජපක්ෂ 2010 පස්සේ ගොඩක් වෙනස් වුනා. ඒ නාමල් රාජපක්‍ෂ දේශපාලනයට පැමිණීමත් එක්ක වෙච්ච දෙයක්. මහින්දට අවශ්‍ය වුනා තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියල සැලසුම් කරන්න. 2015 දී මේ කට්ටිය පවුලක් විදිහට එකට එකතුවෙලා තව ඒකට එකතුවෙලා හිටිය විමල් වීරවංස, ඩලස් අලහප්පෙරුම වගේ අය. මේගොල්ලො තීරණය කළා අපි සජින් වාස් ව බිල්ලට දෙමු කියල. කියපු ගමන් මහින්ද රාජපක්ෂ ඒකට එකඟ වුනා දෙන්ඩ ස්ජින්ව බිල්ලට කියල.”
“මහින්දල විශාල අය බිල්ලට දුන්න”
“මම දැකල තියනවා ඒගොල්ලො පවුලක් විදිහට තව විශාල අය බිල්ලට දෙනවා. නමුත් මම කවදාවත් හිතුවේ නෑ මට එහෙම කරයි කියල. මොකද මම අවුරුදු 17 ක් ඒගොල්ලන්ට ඔක්කොම කරන්ඩ ඕනේ දේවල් කළා. මට ඒගොල්ලො කරන්ඩ දීපු වැඩ ඉතා සූක්ෂමව, ඉතා සාර්ථකව කළා. මට සරත් අමුණුගම හොඳ උපදෙසක් දුන්න. එතුමා කිව්වා සජින් ඔයා වැඩ කළේ පවුලකට මිසක් පක්ෂයකට නෙමෙයි කියල.” මම එතුමාට කිව්වේ ඒ කාලේ පවුලයි පක්‍ෂයයි කියල දෙකක් තිබුනේ නෑ දෙකම එකයිනෙ කියල.
“මාව මරනවා කිව්වා, මගේ දරුවන්ව ප්‍රවේසම් කරගන්න කිව්වා. මගේ ගාව මේ හඬ පටි තියනවා. මේකද රාජපක්‍ෂ වරුන්ගේ ක්‍රමය” යනුවෙන් මිට මාස තුනකට ඉහතදී ප්‍රකාශ කළේය.

Previous articleරජයේ වියදම් භාණ්ඩාගාර ලේකම්වරයාට
Next articleජනාධිපති කොමිෂන් සභාවේ ලේකම්ට වරෙන්තු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here