උපාධිධාරී සංගම් මැ.කො.සභාපති හමුවෙයි

24

මාර්තු 01 සිට උපාධිධාරීන්ට ලබා දී ඇති අභ්‍යාසලාභී පුහුණු පත්වීම් අත්හිටුවීමට මැතිවරණ කොමිසම ඊයේ (04) දින පියවර ගැනීම නිසා එය යළි සලකා බලන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටීමට සංවිධාන කිහිපයක් ඉදිරිපත් වේ.
අද(05) දින මැතිවරණ කොමසමේ සභාපති හමුවූ සංවිධාන අතර උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය, රැකියා විරහිත උපාධිධාරී සංගමය, බාහිර උපාධිය සුරැකිමේ සංවිධාන එකතුව, ඌන සේවා උපාධිධාරී සංගමය නියෝජනය කරන නායකයින් ය.
ආණ්ඩුවට සැබෑ උවමනාවක් තිබුනේ නෑ
මෙම නියෝජිතයින් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව මාර්තු 02 විසුරුවා හැරීමට නියමිත බව ආණ්ඩුව හොදාකාරවම දැන සිටිමින් එම දිනයේ ම අදාළ වන පරිදි උපාධිධාරීන්ට පත්වීම් ලබා දීම ආණ්ඩුව හිතාමතාම උපාධිධාරීන් තවදුරටත් අසහනයට පත්කිරීකි. එසේම ආණ්ඩුව සත්භාවයෙන් ම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ අවශ්‍යතාවයක් තිබුණේ නම් 2019 නොවැම්බර්, දෙසැම්බර් හා 2020 ජනවාරි 31 දක්වා මාස 03 ක කාලයක් ආණ්ඩුවට ඉඩ තිබූ බවද උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි පවසයි.
අද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය සමග පැවති සාකච්ඡාවේදී මෙම පත්වීම් ලිපි ලැබූ සියලූ උපාධිධාරීන් හට තම පළමු සේවා දිනය සේවා ස්ථානයට ගොස් තහවුර කරගැනීමේ නිල කටයුතු කරගැනීමටත්, පත්වීම් ලිපි නොලැබූ සියලූ දෙනාට අභියාචනා ලිපි ලබා දීමේ ක‍්‍රමවේදයක් රජය විසින් සකස් කර ගැනීමටත් දැනට තේරී පත්වී සිටින සියලූ උපාධිධාරීන්ගේ නම් ලැයිස්තුව වෙබ් අඩවියක් හරහා ප‍්‍රකාශයට පත් කර ගැනීමටත් මෙම සාකච්ඡාවේදී එකග වූ බව චන්දන සූරියආරච්චි පැවසීය.
එමෙන්ම රැකියා ලබා දීම බාධාවකින් තොරව ලබාදීමට අවශ්‍යව තිබුණේ නම් අදාළ බැඳවාගැනීමේ ප‍්‍රමාණය රාජ්‍ය සේවා කොමිසම මගින් අනුමත කරගෙන පසුව අවශ්‍ය නම් මැතිවරණ කොමිසමෙන් ද අනුමැතිය ලබා ගැනීමට ආණ්ඩුවට ප‍්‍රමාණවත් කාලයක් තිබූයි.
එහෙත් එම කරුණු කිසිවක් සැලකිල්ලට නොගනිමින් මැතිවරණ කොමිසම හරහා ඉඩ ලැබෙන පරිදි ආණ්ඩුව ක‍්‍රියාකර තිබීම රැකියා විරහිත උපාධිධාරීන් 56 000 කට කළ බලවත් අසාධාරණයක් බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

Previous articleපත්වීම් නැවත්තුවත් පඩි දෙයි
Next article‘සේපියන්ස්’ කෘතිය පිලිබඳ සංවාදය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here