ඉතාලිය පාසල් වසා දමයි

21

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සදහා සියලු පාසල් තාවකාලිකව වසා දැමීමට ඉතාලි රජය තීරණය කර තිබේ.
ආසාදිතයන් සංඛ්‍යාවට සාපේක්ෂව වැඩිම මරණ ප්‍රතිශතයක් ඉතාලියෙන් වාර්තා වී ඇති අතර එරටින් ආසාදිතයින් 3089ක් වාර්තා වී ඇත්තේ කොරෝනා මරණ 107ක් සිදුව ඇති පසුබිමකයි.
පවත්නා අවදානම සලකා ඉතාලියේ සියලු ක්‍රීඩා ඉසව් ප්‍රේක්ෂකයින්ගේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමටත් බලධාරීන් පියවර ගෙන තිබේ.
එමෙන්ම වයස්ගත පිරිස් වෙත නිවාස වලින් ඉවතට නොයන ලෙස අවධාරණය කිරීමටත්, සමීප ස්පර්ශවීම් වළක්වාගැනීම සදහා සෑම අවස්ථාවකම පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටර් එකක් තරම් වූ අවම පරතරයක් පවත්වා ගැනීමටත් ඉතාලි රජය විසින් දැනුම්දී තිබුණි.
 

Previous articleපාසල් රග්බි අනුග්‍රාහකත්වය ඩයලොග් වෙතින්
Next article“ලසන්තගේ ඝාතනයේ වගකීමෙන් බේරීමට දැරූ උපාය අසාර්ථක වෙලා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here