ග්‍රාම්ස්චි ගෙන් පසු ලෝකය

23

සුමිත් චාමින්ද විසින් සංස්කරණය කළ “අන්තෝනියෝ ග්‍රාම්ස්චි -ජීවිතය,චින්තනය හා දේශපාලනය” නම් වූ කෘතිය සහ ග්‍රාම්ස්චිගේ දේශපාලන චින්තනයේ අද දවසේ වැදගත්කම පිළිබද සංවාද කතිකාවක්.
එහිදී
 
විසින් මූලික අදහස් දක්වනු ලැබෙයි..
(සුමිත් චාමින්ද විසින් පරිවර්තනය කළ ‘වැලි මිනිසා හා තවත් කතා’ නම් වූ කෙටිකතා පොතද එදින එළි දැක්වේ)..
මෙහෙයවීම විදුර මුණසිංහ.
මාර්තු 11 වන බදාදා ප.ව.3.00 ට ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

මේ පහත සටහන් වන්නේ “අන්තෝනියෝ ග්‍රාම්ස්චි -ජීවිතය,චින්තනය හා දේශපාලනය” පොත පිළිබඳව ‘මිතුනි නිසන්සලා’ තබා තිබු ෆේස් බුක් සටහනකින් කොටසකි.

ග්‍රාම්ස්චිගේ දර්ශනය පිළිබඳ ආධුනිකයෙකුට පවා තේරුම්ගත හැකි වන අයුරින් ⁣පාරිභාෂිත පදවලට හැකි තරම් පරිශීලක සටහන් යොදා තිබීම තුළ වඩාත් පහසුවෙන් අවබෝධ කර ගැනීමට මෙන් ම පුළුල් විග්‍රහයක්, දෘෂ්ටියක් ඇති කර ගැනීමට ද එය උපකාරී වී ඇති බව මගේ අදහසයි. ග්‍රාම්ස්චිගේ දේශපාලන දර්ශනය තුළ අන්තර්ගත න්‍යායික සංකල්පයන්, ඒවා වර්ධනයට හේතු සාධක වූ ඓතිහාසික සංසිද්ධීන් පිළිබඳවත් මනා අවබෝධයක් පාඨකයා තුළ ඇති කරලීමට කතුවරයා උත්සහ දරා තිබීම වි⁣ශේෂත්වයකි. බොහෝ කෘතීන්හි අන්තර්ගත වන්නේ අදාළ න්‍යායික සංකල්පය කුමක්ද යන්න අරුත් ගැන්වීම පමණකි. නමුත් එකී සංකල්පය ගොඩ නැගුණේ කිනම් ඓතිහාසික පදනමක් මත ද යන්න සාකච්ඡා නොවේ. මෙම කෘතියේ ඇති විශේෂත්වය නම් එයයි. ඕනෑම සංසිද්ධියක් දෙස අප බැලිය යුත්තේ එය සිදු වු කාල පරිච්ඡේදය හා ඓතිහාසිකමය පදනම මත සිටගෙන යි.
කවුද මේ ග්‍රාම්ස්චි ??
ග්‍රාම්ස්චි පිළිබඳ කෙටි ම හැඳින්වීම නම් ඔහු පශ්චාත් මාක්ස්වාදයෙකි. ඉතාලි කම්කරු ව්‍යාපාරයේ මෙන් ම සමාජවාදී ව්‍යාපාරයේත් නායකයෙකු වශයෙන් ග්‍රාම්ස්චි කටයුතු කළ අතර පසුකාලයේ දී ඉතාලි ෆැසිස්ට්වාදී පාලනය යටතේ ඔහු ව සිරභාරයට පත් කරන ලදී. වයස අවුරුදු 46 දී සිරගෙදර ම මිය ගිය ද ඔහු තම දේශපාලනමය අත්දැකීම් සටහන් පොත්වල සටහන් කොට හොර රහසේ ම සිරගෙදරින් පිටතට යැවීය. පසුකාලීනව ග්‍රාම්ස්චිගේ දේශපාලන න්‍යායය වර්ධනය වුයේ මෙම සටහන් පාදක කර ගනිමිනි. ඔහුගේ චින්තනය සමාජගත වූ ආකාරය ද මෙම කෘතිය තුළ ඉදිරිපත් කර තිබේ. ග්‍රාම්ස්චිගේ දේශපාලන ජීවිතය නිර්මාණය වූ ආකාරය පිළිබඳ හදුන්වා දෙන මෙම කෘතියේ දක්වන පරිදි ” ග්‍රාම්ස්චි පෙනී සිටියේ මිනිසා ⁣ඓතිහාසික තත්ත්වයන්ගේ හා ශික්ෂණයන්ගේ ප්‍රතිඵලයක් වන අතර ම, ඉතිහාසය වෙනස් කරනු ලබන්නේ ද මිනිසා විසින්මය යන දයලෙක්තික ඉගැන්වීම ගුරු කොටගත් මාක්ස්වාදයක් වෙනුවෙනි”.

Previous articleඋපාධිධාරීන්ට පුහුණුව අත්හිටුවයි
Next articleපාසල් රග්බි අනුග්‍රාහකත්වය ඩයලොග් වෙතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here