ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය ආයතනවලට බඳවා ගත් උපාධිධාරීන්ට පුහුණුව ලබාදීම මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කර සතියක් යනතුරු අත්හිටුවන්නැයි මැතිවරණ කොමිසන් සභාව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
එමඟින් ඔහු පවසා ඇත්තේ යවන ලද ලිපි හරහා රජයේ සේවයට බඳවා ගන්නා උපාධිධාරී අභ්‍යාස ලාභීන් බොහොමයක් දෙනා සේවයට වාර්තා කරනු ලබන්නේ ජන්ද විමසීම් කාලය ආරම්භ වූ පසුව බවයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති හෙයින් ප්‍රතිඵල නිකුත් වී සතියකට පසු එම පුහුණුව ලබාදෙන ලෙස දැනුම් දුන් බවයි.
මේ මොහොතේ උපාධීධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම හරහා දේශපාලනමය ප්රවර්ධනයක් සිදුකරන බවට මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබෙමින් තිබෙන බව ද එම නිසා ඒ පියවර ගත් බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්වෙයි.