ගැටුම් උග්‍ර වේ – රනිල් ඩුබායි යයි !

14

අද(04) පස්වරුවේ පැවැති තීරණාත්මක කෘත්‍යාදිකාරි මණ්ඩල රැස්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හදිසියේම ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබේ.
මෙය සැලසුම් කරන ලද සංචාරයක් නොවන බව එජාප නායකයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
අප්‍රේල් 25 දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තරග කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් බරපතළ ගැටළුකාරී තත්ත්වයක් මතු වී තිබූ අතර, අද පස්වරුවේ පැවැති කෘත්‍යාදිකාරි මණ්ඩල රැස්වීම ද සජිත් ප්‍රේමදාස පාර්ශ්වය වර්ජනය කර තිබිණි.
මේ අතර දෙපාර්ශ්වය අතර මූලික ගැටුම ආරම්භ වූ හංසයා ලකුණ පිළිබඳ ගැටළුව බොහෝ දුරට ලිහෙමින් පවතින බව ද වාර්තා වේ. රවී කරුණානායක මන්ත්‍රීවරයා විසින් හංසයා ලකුණ සජිත් පිළට ලබාදීමට එකඟතාව පළකර ඇතැයිද සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
අකිල විරාජ් කාරියවසම් එජාප මහ ලේකම් ධුරයෙන් ඉවත් වන බවද නොනිල වශයෙන් පක්ෂයට දැනුම් දී තිබේ.
මේ සියලු ගැටුම් අතරවාරයේ හදිසියේම එජාප නායකයා ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගියේ කුමන සැලසුමකටද යන්න කඩිනමින් අනාවරණය වනු ඇත.

Previous articleතව ඉවසන් සිටින් සූරියවැව බැටින් !
Next articleඋපාධිධාරීන්ට පුහුණුව අත්හිටුවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here