රවී ඇතුළු 12 කට විදෙස් ගමන් තහනම්

14

පසුගිය රජයේ හිටපු අමාත්‍ය රවි කරුණානායක ඇතුළු 12 දෙනාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක අද (04) නියෝගයක් නිකුත් කළේය.
මිට අමතරව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳව නියෝගය ලබන 06 වන සිකුරාදා ලබා දෙන බවද මහෙස්ත්‍රාත්වරයා එහිදී දැනුම් දී තිබේ.
ආන්දෝලනයට පත් බැඳුම්කර වෙන්දේසි වල සිදු කරන ලද අපරාධමය වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ. මෙහිදී විදෙස් ගමන් තහනම පැනවූ සැකකරුවෝ 12 කි.
1 .පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්
2 . සන්ද්‍රේශ් රවින්ද්‍ර කරුණානායක
3 .ලක්ෂ්මන් අර්ජුන මහේන්දුන්
4 .අර්ජුන් ජෝසෆ් ඇලෝෂියස්
5 .පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධි

  1. මුත්තුරාජා සුරේන්ද්‍රන්

7.අජාන් ගාර්දියෙ පුංචිහේවා
8 .ජෙෆ්රි ජෝසෆ් ආලෝෂියස්
9 .චිත්ත රංජන් හුළුගල්ල
10.තුයිය හැන්නදිගේ බුද්ධික සරත්චන්ද්‍ර
11.සංගරපිල්ලේ පදුමනාපන්
12.පදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර

Previous articleලංකා e-paper (2020-03-01)
Next articleතව ඉවසන් සිටින් සූරියවැව බැටින් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here