හිස් විදි මධ්‍යයේ පැවති ටෝකියෝ මැරතන්

8

ටෝකියෝ මැරතන් තරඟය පසුගියදා පැවැත් වූනේ ප්‍රෙක්ෂකයන්ගෙන් තොර හිස් විදි මධ්‍යයේය. COVID 19 තත්වය නිසා මෙම තතවය ඇතිව තිබේ. ඉතා සුලු තරඟ නරඹන්නන් පිරිසක් පමනක් මග දෙපස රැඳි සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරා. මෙය ලොව විශාලතම මැරතන් ධාවන තරඟයයි. ඇති වි තිබෙන තත්වය නිසා ක්‍රිඩකයින්ද සැලකිය යුතු ප්‍රමානයක් අඩුවි තිබේ. වාර්තා කිරිමට පැමිනෙන මාධ්‍ය වේදින්, සේවකයින්ද අති විශාල ප්‍රමාණයක් පසුගිය වසරට සාපෙක්ෂව අඩු වි ඇත. පැමිනි සිටින බොහෝ දෙනෙක් මුඛ ආවරණ පැලඳ සිටිම සුලබ සිදුවිමකි. පිරිමි ඉසව්වේ ජයග්‍රහනය දෙවන වරටත් ඉතියෝපියවේ Birhanu Legese දිනාගත් අතර, පැය දෙකයි මිනිත්තු 15 යි ඊට වැය කර තිබේ. කාන්තා ඉසව්වේ ජයග්‍රහනය ඊශ්‍රාලයේ Lonah Korlima දිනාගත් අතර, ඊට පැය දෙකයි මිනිත්තු 17ක කාලයක් වාර්තා කර තිබිණ. වොල් ස්ට්‍රිට් ජර්නල් වාර්තා කරුවෙකු වන ඇලෙස්ටෙයාර් ගේල් සඳහන් කලේ, මැරතන් ධාවන තරඟය නැරඹිම සෞඛ්‍යයට අහිත කර තතවයක් විය හැකි බවට දැන්විම් පුවරු ප්‍රදර්ශනයක් පවා දුම්රිය ස්තානයේ ප්‍රදර්ශනය වු බවයි. COVID 19 තත්වය 2020 ටෝකියෝ හි ජුලි මස පැවැත්විමට නියමිත ඔලිම්පික් ක්‍රිඩා උලෙලටත් බලපෑම් කාරි විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි. මේ වන විට එම වෛරසය ආසාදන විම හේතුවෙන් ජපානයේද පුද්ගලයින් 900ක පමණ පිරිසක් හදුනාගෙන ඇත. ජපානයේ පාසල් වසා දමා ඇති අතර, එරට පාපන්දු ලිගයද කල් දමා තිබේ.

Previous article“මගේ ආලයෙ ග්‍රැමෆෝන්” හඬින් නොම පැරණිය
Next articleඑස්.එම් චන්ද්‍රසේන බොරු කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here