පසුගිය රජයේ හිටපු මුදල් ඇමැති රවී කරුණානායක ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට නියෝග කර තිබේ.
රවී කරුණානායකට අමතරව වරෙන්තු ලබාගන්නැයි නියම කළ සෙසු තිදෙනා වනුයේ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලොසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන තිදෙනාය.
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගන්නැයි මෙලෙස නියම කර තිබේ.