මීට සති කිහිපයකට පෙර අන්තර්ජාලයේ පළ වු ළමා අපයෝජන සිද්ධියක වීඩියෝව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය අද ප්‍රකාශ කළේය.
එම වීඩියෝව අන්තර් ජාලය තුළ ප්‍රචාරණය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාලගත පරීක්ෂණයක් ආරම්භ කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ආරම්භ ඇති බවද පොලිස් මුලස්ථානය පැවසීය.
මේ අතර පරීක්ෂණයේ ඉදිරි විමර්ශන සදහා මේ සිද්ධියට අදාල දැරියගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට අවශ්‍ය බවත් එම නිසා වීඩියෝ පටයේ සිටින දැරිය සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇති ( 077 7-8 78 414, 071 8 26 40 24) යන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය ඉල්ලා සිටියි.
විශේෂයෙන් ම එයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන මෙන් සමාජ ජාල ඔස්සේ ප්‍රබල හඬක් මතුවිය.
එහෙත් ඒ සම්බන්ධයෙන් හඬ නගන ක්‍රියාධරයන් සහ නීතිවේදීන් පවසන්නේ එම දැරිය අපයෝජනයට ලක් කළ පුද්ගලයා හෝ කණ්ඩායම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේ මන්දගාමී ස්වභාවයක් හෝ කිසිසේත්ම නීතිය ක්‍රියාත්මක නොවීමේ ස්වභාවයක් දක්නට ලැබෙන බවය.
මේ වන විට මේ පිලිබඳ නිතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා විරෝධතා ව්‍යාපාර ගණනාවක් ද විවිධ සංවිධාන විසින් පවත්වා තිබේ.
සමාජයේ බොහෝ දෙනා පවසන්නේ මෙම සිද්ධියට වගකිව යුතු පුද්ගලයා මෙම ආණ්ඩුවේ ප්‍රධාන පෙලේ පුද්ගලයන්ගේ සමීපතමයෙකු නිසා මෙහි ඉක්මන් විමර්ශනයක් සිදු නොවන බවයි.