කොවිඩ් 19 වෛරසයේ අවදානම හේතුවෙන් මෙරට වරායන් වෙත පැමිණෙන මගී නෞකාවල මගීන් රට තුළට ඇතුළු කර ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මේ සම්බන්ධයෙන් අදාළ ආයතන බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මේ සමඟම දකුණු කොරියාවෙන්, ඉතාලියෙන් හා ඉරානයෙන් රට තුළට පැමිණෙන මගීන් සියලු දෙනා දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට රජය අද සිට පියවර ගෙන තිබේ. අද(03) උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මේ බව පැවසීය. විදේශිකයින් මෙන්ම ශ්‍රී ලාංකීකයින් ද මෙම නිරෝධායන ක්‍රියාවලියට ලක් කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.