සිනමා නළුවකු හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන ලාල් වීරසිංහ කොළඹ හිල්ටන් හෝටලයේ හිමිකරු සහ මෙහෙයුම්කරුවා වන හොටේල් ඩිවලොපර්ස් (ලංකා) පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් පත් කර තිබේ. ඔහුත් සමඟ හිල්ටන් හෝටලයේ වත්මන් අධ්යක්ෂ මණ්ඩලය නිමල් පෙරේරා (සභාපති), ඉෂාන් දන්තනාරායන, වී. කනගසබාපති, ප්‍රදීප් කුමාර, ප්‍රියන්ත දෙනියාය, ඩී.එස්. අමරසේකර, ජේ.එම්.යූ.පී. ජයමහ සහ ලාල් වීරසිංහ යන අයගෙන් සමන්විත වේ.
2010 වසරේ දී මාර්ග සංවර්ධන අධිකාරියේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ලාල් වීරසිංහ 2010 සිට 2013 දක්වා “Social Security Board” හි අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ද කටයුතු කර ඇත.