ඩිල්ෂාන් ගාල්ලෙන් මැතිවරණයට

11

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන තිලකරත්න ඩිල්ෂාන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බව අද(02) නිවේදනය කළේය.

මිට මාසයකට පෙර ඩිල්ෂාන් පවසා තිබුනේ “ජනපතිතුමත් හමුවුණා, අගමැතිතුමත් හමුවුණා. ඒ දෙපළගෙන්ම ආශීර්වාදයක් තිබෙනවා මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. මේ වන විට සූදානමින් පසුවෙනවා ඉදිරි මැතිවරණයේදි පොහොට්ටුවෙන් තරග කරලා ජනපතිතුමාට තවත් තරුණ ශක්තියක් වෙන්න” යනුවෙනි.

කෙසේ වෙතත් මීට ඉහතදී තිලකරත්න ඩිල්ෂාන් YouTube නාළිකාවක් හා සම්මුඛ සාකච්ඡවකට එක්වෙමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ යාන්ත්‍රණයක් ( සිස්ටම් එකක්) නොමැති හෙයින් තම දරුවන්ට සිස්ටම් එකක් පුරුදු කිරීමටත් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටත් ඔවුන්ව ඔස්ට්‍රේලියාවට යොමුකර ඇති බවයි. ලංකාවේ ජාතික ප්‍රතිපත්තියක් නොමැති බවත් එහිදී ඔහු සඳහන් කළේය.
මේ පිළිබඳ අදහස් දැක්වූ පැරණි ක්‍රිකට් ක්‍රීඩකයෙකු සඳහන් කළේ “සනත් ජයසුරියත් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට ගියා හැබැයි රටට වෙච්ච දෙයක් නෑ.” ඩිල්ෂාන්ටත් වෙන විශේෂ දෙයක් නොවෙන බවයි.

Previous articleපාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදන මුද්‍රණය වේ
Next articleලාල්ට හිල්ටන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here