අද(02) මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කරන බව රජයේ ආරංචි මාර්ග තහවුරු කළේය.
මේ අනුව ලබන මස එනම් අප්‍රේල් 25 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ලෙස යොදා ඇති බව වාර්තා වෙයි. මේ අතර පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිකුත් වූ පසු පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා කැඳවීම මාර්තු 12 සිට 19 දක්වා සිදුකිරීමට නියමිත වෙයි.