නව කොරෝනා හෙවත් කොවිඩ් – 19 රෝගයට සාර්ථක ප්‍රතිකාරයක් තමන් සොයාගෙන ඇති බවත්, දින 90 ක සාර්ථක නිරීක්ෂණ කාලයකින් පසු එය වෙළදපොළට නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඊශ්‍රායලය පවසයි.
ඊශ්‍රායලයේ ජෙරුසලම් පෝස්ට් පුවත්පත මේ බව වාර්තා කර ඇත්තේ එරට විද්‍යා සහ තාක්ෂණ ඇමති ඔෆීර් අකූනිස් උපුටා දක්වමිනි. එරට විද්‍යා පර්යේෂණ ආයතනයක් වන ගලීලී ආයතනයට සුභ පැතුම් එක් කරමින් ඇමතිවරයා අවධාරණය කර ඇත්තේ, මෙමගින් ලෝකයේ සෞඛ්‍යය ක්ෂේත්රය සාර්ථක ඉදිරි පියවරක් තබන බවයි. කොවිඩ් – 19 වෛරසය චීනයෙන් ආරම්භ වී, රටවල් රැසක් පුරා පැතිර යන තත්ත්වයක් තුළ ඊශ්‍රායලයට ඊට එරෙහිව සාර්ථක ඖෂධයක් සොයා ගැනීමට හැකි වීම ආඩම්බරයට කරුණක් බව ද ඇමතිවරයා සදහන් කර තිබේ.
photo credit: LIOR JOURNO