සීඅයිඞී විමර්ශන පරීක්ෂාවට ගෝඨාගේ කණ්ඩායමක් !

9

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තීරණාත්මක අපරාධ සම්බන්ධයෙන් වන විමර්ශන ලිපිගොනු නිරීක්ෂණය කිරීමට සහකාර පොලිස් අධිකාරිවරුන් තිදෙනෙකු පත් කර තිබේ.

අලූ‍තින් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන ලද මෙම නිලධාරීන්ට විමර්ශන සම්බන්ධ අත්දැකීම් නොමැති බවත්, ඔවුන් එක් එක් විමර්ශන ලිපිගෙ ානුව සම්බන්ධයෙන් වෙනම වාර්තාවක් සකස් කළ යුතුව ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි. ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් පැහැර ගැනීම ඇතුළු මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහි අපරාධ විමර්ශනය, තරුණයන් 11 දෙනකු කප්පම් ලබා ගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ විමර්ශනය මෙසේ මූලික අදියරේ දී අදාළ සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ නිරීක්ෂණයට භාජනය කෙරෙන ලිපිගොනු අතර වේ.

මෙම සහකාර පොලිස් අධිකාරීවරුන් විශේෂයෙන් පත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තීරණයක් අනුව බවත්, මීට පෙර ජාතික බුද්ධි සේවය මඟින් ද මෙම ලිපිගොනු නිරීක්ෂණයට ඉල්ලා තිබූ බවත් හෙළි කරන අදාළ ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, කුමන තත්ත්වයක් යටතේ හෝ මෙම විමර්ශන ලිපිගොනු වෙනස් කළහොත්, දණ්ඩ නීති සංග‍්‍රහයේ සාක්ෂි වසන් කිරීම යන වරද යටතට ගැනෙන බවයි.

Previous articleවිඩාබර ජීවිතේ සුවේ සැදු “කලා පොළ”
Next articleවිමර්ශන නෑ ශානි කොමිසමට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here